Dataset Viewer
doc_type
stringclasses 1
value | doc_id
stringlengths 25
39
| num
stringlengths 14
28
| date_str
stringdate 2021-09-12 00:00:00
2025-11-12 00:00:00
| description
stringlengths 5
394
| url_metadata
stringlengths 22
1.29k
| lang
stringclasses 3
values | newspaper_id
stringclasses 14
values | time_ut
float64 1.63B
1.76B
| chunk_id
stringlengths 30
44
| chunk_index
int64 0
86
| language
stringclasses 3
values | md5
stringlengths 32
32
| chunk_size_bytes
int64 5
5.63k
| chunk_text
stringlengths 5
2.02k
|
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
lk_news
|
2021-09-12-adalk-095b8035
|
adalk-095b8035
|
2021-09-12
|
නොවැම්බර් මස සිට WhatsApp අත්හිටුවන ජංගම දුරකථන ලයිස්තුව
|
https://www.ada.lk/technology/නොවැම්බර්-මස-සිට-WhatsApp-අත්හිටුවන-ජංගම-දුරකථන-ලයිස්තුව/5-384488
|
si
|
adalk
| 1,631,433,847
|
2021-09-12-adalk-095b8035-0000
| 0
|
si
|
6174386e7fbfb74e070bbcae1c8c24ab
| 1,814
|
නොවැම්බර් මස සිට WhatsApp අත්හිටුවන ජංගම දුරකථන ලයිස්තුව
නොවැම්බර් මස සිට පැරණි ස්මාට් ජංගම දුරකථන මාලිදි විශාල සංඛ්‍යාවකට WhatsApp සමාජ මාධ්‍ය යෙදුම ලබාගත නොහැකි බව එම සමාගම දැනුම් දී ඇත.
ඇපල් අයිෆෝන් වල මෙහෙයුම් පද්ධතිය IOS 9 ට සමාන හෝ අඩු සහ ඇන්ඩ්‍රොයිඩ් 4.0.3 ට සමාන හෝ අඩු මෙහෙයුම් පද්ධතියක් ඇති ජංගම දුරකථනවලට මෙලෙස නොවැම්බර් මාසයේ සිට WhatsApp භාවිතා කිරීමේ හැකියාව නොලැබී යනු ඇත.
* Samsung: Galaxy Trend II, Galaxy SII, Samsung Galaxy Trend Lite, Galaxy S3 mini, Galaxy Ace 2, Galaxy Xcover 2, and Galaxy Core
* LG: LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact , Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD and 4X HD, and Optimus F3Q
* ZTE: ZTE Grand S Flex, ZTE V956, Grand Memo and Grand X Quad V987
* Huawei: Huawei Ascend G740, Ascend D1 Quad XL, Ascend P1 S, Ascend Mate, Ascend D Quad XL, and Ascend D2
* Sony: Sony Xperia Neo L, Sony Xperia Miro, and Xperia Arc S
* Others: Lenovo A820, HTC Desire 500, Alcatel One Touch Evo 7, Archos 53 Platinum, Faea F1, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, UMi X2, and THL W8
|
lk_news
|
2021-09-22-adalk-28eb5276
|
adalk-28eb5276
|
2021-09-22
|
ගෙදරදීම පොල්තෙල් සිඳින අත්යන්ත්‍රයක්
|
https://www.ada.lk/uncategorized/ගෙදරදීම-පොල්තෙල්--සිඳින-අත්යන්ත්‍රයක්/1-384985
|
si
|
adalk
| 1,632,281,131
|
2021-09-22-adalk-28eb5276-0000
| 0
|
si
|
7f208b39a642fdd2259bf162ebe69e4e
| 4,200
|
ගෙදරදීම පොල්තෙල් සිඳින අත්යන්ත්‍රයක්
වස විෂ වලින් තොරව තම නිවස තුළදීම නිවසේ අවශ්‍ය පොල්තෙල් සිඳගන්නා අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට දේශීය නව නිපැයුම්කරුවෙකුට හැකි වී තිබේ.
අනුරාධපුර දිස්ත්රික්කයේ කැකිරාව ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය සේවකයකු වන වයි .එල් . චන්දන සේනානායක නව නිපැයුම්කරු විසින් මෙම අත්යන්ත්‍ර සුදු යකඩ උපයෝගී කරගෙන නිපදවා තිබේ.
ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමකගේ ඉල්ලීමක් අනුව මෙම පොල්තෙල් සිදින කුඩා අත් යන්ත්‍රය නිපදවා ඇතැයි ඔහු පැවසීය.
මේ වනවිටත් පුද්ගලයන් 18 දෙනකු පමණ යොදවා ගෙන නිවස තුළම පොල්තෙල් සිදින කුඩා අත් යන්ත්‍ර වර්ග දෙකක් නිෂ්පාදනය කරමින් සිටිති.
චන්දන සේනානායක මහතා කියා සිටියේ මෙහි එක නිමවුමක් වසර ගණනාවක් නිවසක පාවිච්චි කළ හැකියි අනර්ග තත්වයේ පවතින පොල්තෙල් සිදින අත් යන්ත්‍රයක් රුපියල් 6875 ක පමණ මුදලකටද සාමාන්‍ය නිවසක පාවිච්චිය සඳහා නිපදවා ඇති නිමවුමක් රුපියල් 2875 ක මුදක ට ලබා දීමට තමාට හැකියාව පවතින බව ය.
සුදු යකඩ සහ අනෙකුත් ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම් මෙන්ම කුඩා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම අමුද්‍රව්‍ය විශාල තොග මිලදී ගැනීමට හැකිනම් මිට වඩා අඩු මුදලකට මේ උපකරණය ජනතාවට ලබාදීමට හැකි බවද කෙසේ වෙතත් මෙරට නව නිර්මාණකරුවන්ට කිසිදු රජයකින් සාධාරණයක් හෝ උදව් කිරීමක් සිදු නොවන නිසා තම පෞද්ගලික මුදලින් මෙවැනි දේ සිදු කිරීම වියදම් වැඩි වශයෙන් යන බවද පැවැසීය.
රජය නව නිපැයුම්කරුවන්ට උදව් කිරීම සදහා ආයතන ගණනාවක අතිවිශාල මුදලක් වෙන් කොට තබාගෙන සිටියද මෙවැනි දේ සදහා උදව් කරන්නේනම් මෙම කුඩා පොල් තෙල් සිදින යන්ත්‍රය සෑම නිවසකටම ඉතා අඩු මුදලකට ලබා දීමටත් විදේශීය රටවල අවශ්‍යතාවය සඳහා ලබා දීමටත් හැකි බව හෙතෙම සඳහන් කළේය.
මෙම නිපැයුම්කරු ගෙන් යත්යන්ත්‍ර ලබාගැනීමට කැමැත්තක් දක්වන අය වෙතොත් 070 460 13 88 / 0 7 1 28 59 568 / 070 460 13 91 යන අංකවලට ඇමතීය හැකිය.
|
lk_news
|
2021-10-04-adalk-f6f01c09
|
adalk-f6f01c09
|
2021-10-04
|
සමාජ මාධ්‍ය බිඳ වැටීම යථා තත්ත්වයට
|
https://www.ada.lk/technology/සමාජ-මාධ්‍ය-බිඳ-වැටීම-යථා-තත්ත්වයට/5-385584
|
si
|
adalk
| 1,633,364,621
|
2021-10-04-adalk-f6f01c09-0000
| 0
|
si
|
0c7d32f679119c06487faa2d21b2c33d
| 686
|
සමාජ මාධ්‍ය බිඳ වැටීම යථා තත්ත්වයට
(UPDATE) ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රැම්හි ලොව පුරා සිදුවූ බිඳ වැටීම යථා තත්ත්වයට පත්කර තිබේ.
ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රැම්හි බිඳ වැටීමක් සිදුව තිබේ. ලොව පුරා මිලියන ගණනයක පරිශිලකයන්ට මේ හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.
|
lk_news
|
2021-10-14-adalk-4868ea0d
|
adalk-4868ea0d
|
2021-10-14
|
Number Portability සේවාව සදහා නීතිමය අනුමැතිය
|
https://www.ada.lk/technology/Number-Portability-සේවාව-සදහා-නීතිමය-අනුමැතිය/5-386003
|
si
|
adalk
| 1,634,190,483
|
2021-10-14-adalk-4868ea0d-0000
| 0
|
si
|
b0406de08b2008501aa8f121f0c69fb0
| 1,527
|
Number Portability සේවාව සදහා නීතිමය අනුමැතිය
සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසා සිටියි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර සිටියේය.
සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව,
දැන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා ප්‍රකාශ කලා.#lka
|
lk_news
|
2022-01-31-adalk-7f0da7a4
|
adalk-7f0da7a4
|
2022-01-31
|
යුද හමුදාවෙන් තවත් සුපිරි වැඩක්
|
https://www.ada.lk/uncategorized/යුද-හමුදාවෙන්-තවත්-සුපිරි-වැඩක්/1-389833
|
si
|
adalk
| 1,643,648,093
|
2022-01-31-adalk-7f0da7a4-0000
| 0
|
si
|
c0068d2adca9b8f5321631d270003ec7
| 4,536
|
යුද හමුදාවෙන් තවත් සුපිරි වැඩක්
ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම වෙඩි නොවදින සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථය Mine Resistance Ambush Protected Vehicle (Unicob- MRAPV) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අද (31දා) ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී පරීක්ෂාවට ලක් කරනු ලැබීය.
මෙම සන්නද්ධ රථය 74 වන ජාතික නිදහස් උළෙලේ සන්නද්ධ රථ පෙළපාලිය සඳහා එක් කිරීමට නියමිතව අතර මෙවැනි රථ භාවිතා කරනුයේ යුධමය වාතාවරණයක් පවතින අවස්ථාවේදී එම ස්ථානයන් වෙත සෙබළුන් ආරක්ෂිතව රැගෙන යාමට සහ තුවාල වූ සෙබළුන් ආරක්ෂිතව රැගෙන ඒම වැනි කාර්යභාරයන් ට වීම් විශේෂත්වයකි.
ඉංජිනේරු අංශයේ කණ්ඩායම් 15 කගේ සහභාගිත්වයෙන් නිමවා ඇති මෙම රථයට වෙඩි හෝ බෝම්බ ප්‍රහාර මැඩගෙනයාමේ හැකියාවක් පවතින බව ආඥාපති බටකාර්ය සම්පාදන අණසක සහ විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් මහතා පැවැසීය.
මෙවැනි රථයක් විදේශයකින් මිලදී ගැනීමේදී ලක්ෂ 2995ක මුදලක් වැය කෙරෙන අතර ලංකාවේ නිෂ්පාදනය කරනු ලැබූ මෙම වෙඩි නොවදින රථය සඳහා වැයවු මුදල ලක්ෂ 150ක බව ඒ මහතා පැවසීය
මෙය ඩලයක් ලෙස එළිදක්වා ඇති අතර මෙවැනි රථ 50ක අවශ්‍යතාවය පවතින බවද ඒ මහතා පැවැසීය.
අනුව ඉදිරියේ දී මෙවැනි සැහැල්ලු වෙඩි නොවදින සන්නහ සන්නද්ධ රථ දහයක් යුධ හමුදාව විසින් නිෂ්පාදනය කිරීමට සැලසුම් කොට ඇති බවද ඒ මහතා පැවසීය.
මේ වන විට ලංකාව තුළ යුධමය වාතාවරණයක් නොමැති වුවද රට පුරා ඇතිවන නායයෑම් ගංවතුර ගිනි ගැනීම් වැනි හදිසි තත්වයන් වෙත සැලකිය යුතු සෙබලුන් සංඛ්‍යාවක් ආරක්ෂිතව රැගෙන යාමට මෙම රථයට හැකියාව පවතින බවද ඒ මහතා පැවසීය.
මෙතෙක් කල් විදේශයන් වෙතින් විශාල මුදලක් වැය කරමින් මිලදී ගනු ලැබූ මෙම රථ මේ වන විට ලංකාව තුළ ම යුද හමුදාවේ සහභාගිත්වයෙන් නිෂ්පාදනය කිරීමට හැකි වීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙම රථයේ අංශක 360 හරවා ප්‍රහාරයක් එල්ල කල හැකි mm 12.7 ක යුත් ගිනි අවියකින්ද සමන්විත පැවසීය.
|
lk_news
|
2022-02-01-adalk-01f73888
|
adalk-01f73888
|
2022-02-01
|
සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ගුවන් යානය සැබෑවක් වෙයි
|
https://www.ada.lk/uncategorized/සම්පූර්ණයෙන්ම-විදුලියෙන්-ධාවනය-වන-ගුවන්-යානය-සැබෑවක්-වෙයි/1-389842
|
si
|
adalk
| 1,643,688,888
|
2022-02-01-adalk-01f73888-0000
| 0
|
si
|
c23e41ae6fda62f5bbe349e14fdb0fb2
| 3,261
|
සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ගුවන් යානය සැබෑවක් වෙයි
ලෝකයේ ප්‍රථම සම්පූර්ණයෙන්ම විදුලිය මගින් ධාවනය වන මගී ගුවන් යානය පියාසර කිරීමට සූදානම් වේ. ඊශ්‍රායල සමාගමක් වන ඒවියේෂන් විසින් නිපදවන ලද ඇලිස් ගුවන් යානය පසුගිය සතියේ සියැටල් නගරයට උතුරින් පිහිටි ආර්ලින්ටන් නාගරික ගුවන් තොටුපළේදී එන්ජින් පරීක්ෂාවට ලක් විය.
විදුලි මෝටර් රථයක හෝ ජංගම දුරකථනයක බැටරි තාක්ෂණයට සමාන බැටරි තාක්ෂණයක් සහිතව නිර්මාණය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30ක ආරෝපණයකින් පැය කාලයක් ගමන් කිරීමට හැකියාව තිබේ.
මගීන් නව දෙනෙකුට ගමන් කළ හැකි ඇලිස් යානයට පැයක් තුළ නාවික සැතපුම් 440ක් පමණ පියාසර කිරීමට හැකි වේ. යානයේ උපරිම ගමනාගමන වේගය පැයට සැතපුම් 287 කි. විදුලි ගුවන් ගමන් කෙරෙහි පමණක් අවධානය යොමු කරන සමාගම මගීන් 20 සිට 40 දක්වා ගමන් කළ හැකි විදුලි ගුවන් යානා වසර හතක් හෝ 10ක් තුළ යථාර්ථයක් කිරීමට අපේක්ෂා කරයි.
සමාගම විසින් මූලාකෘතියේ අනුවාද තුනක් සංවර්ධනය කර ඇත: "මගි" ප්‍රභේදයක්, විධායක අනුවාදයක් සහ භාණ්ඩ සඳහා විශේෂිත එකක් ලෙසිනි. මගී ගුවන් යානය වින්‍යාසය මගීන් නව දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු මෙන්ම භාණ්ඩ රාත්තල් 850 ක් ප්‍රවාහනය කිරිමට හැකිවෙයි. විධායක සැලසුමට වඩා ඉඩකඩ සහිත ගුවන් ගමනක් සඳහා මගී ආසන හයක් ඇති අතර භාණ්ඩ ප්‍රවාහන යානය ඝන අඩි 450 ක පරිමාවක් දරයි.
සමාගමට අනුව වාණිජ ජෙට් යානාවල නඩත්තු සහ මෙහෙයුම් පිරිවැය 70% දක්වා අඩු කර ගනිමින් මේ සියල්ල කළ හැකිය.
|
lk_news
|
2022-02-03-adalk-bc2c5639
|
adalk-bc2c5639
|
2022-02-03
|
චීනය ඔලිම්පික් ඉතිහාසය වෙනස් කරයි
|
https://www.ada.lk/uncategorized/චීනය-ඔලිම්පික්-ඉතිහාසය-වෙනස්-කරයි/1-389935
|
si
|
adalk
| 1,643,883,682
|
2022-02-03-adalk-bc2c5639-0000
| 0
|
si
|
7ffda33ed3dc8c8dd1907b9de41b607b
| 2,385
|
චීනය ඔලිම්පික් ඉතිහාසය වෙනස් කරයි
ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හෙට (04දා) චීනයේදී ආරම්භවීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියට සමගාමීව චීනය මෙම අපූරු වැඩසටහන සංවිධානය කර තිබුණි.
බීජිං ශීත ඍතු ඔලිම්පික් උද්‍යානයේ දී, අංක 254 දරණ පන්දම් දරන්නා විසින් ගින සිළුව රොබෝවරයෙකුට ලබා දුන් අතර, පසුව එම රොබෝවරයි විසින් යොංඩිං ගඟේ පතුලේදී තවත් රොබෝවරයෙකු අත තිබූ ඔලිම්පික් ගිනිසිළු දැල්වීමට කටයුතු කළේය.
දිය යට මෙසේ ගිනි සිළුව දල්වා තැබීම වෙනුවෙන් විශේෂ දුම් රහිත පරිසර හිතකාමී වායුමය ඉන්ධනයක් භාවිතා කළ එය චීන රජය සතු China Aerospace Science and Industry Corporation (CASIC) හි තුන්වන ඇකඩමියේ පර්යේෂණ ආයතන 31 සමඟ නිර්මාණය කර ත ිබේ.
මෙම ව්‍යාපෘතිය අධීක්‍ෂණය කළ පර්යේෂණ ආයතනයේ ප්‍රධාන රසායනාගාරයක අධ්‍යක්ෂ Li Chunguang පැවසුවේ, විදුලි පන්දම දිය යටට යන විට දැල්ල නොනවත්වා දැල්වීමට හා විවිධ උෂ්ණත්ව හා පීඩන වෙනස පවත්වා ගැනීම වැනි අභියෝග ජය ගැනීමට නිර්මාණකරුවන්ට සිදුවූ බවයි.
|
lk_news
|
2022-02-18-adalk-d052a625
|
adalk-d052a625
|
2022-02-18
|
නව ක්වොන්ටම් පරිගණක මෘදුකාංගයක් චීනය නිපදවයි
|
https://www.ada.lk/international/නව-ක්වොන්ටම්-පරිගණක-මෘදුකාංගයක්-චීනය-නිපදවයි/3-390446
|
si
|
adalk
| 1,645,156,977
|
2022-02-18-adalk-d052a625-0000
| 0
|
si
|
685d20054a64f5113c71540c00350eb1
| 2,600
|
නව ක්වොන්ටම් පරිගණක මෘදුකාංගයක් චීනය නිපදවයි
චීනය "isQ-Core" නමින් නව ක්වොන්ටම් පරිගණක ක්‍රමලේඛන මෘදුකාංගයක් නිකුත් කර ඇති අතර එය රටේ සුපිරි සන්නායක ක්වොන්ටම් දෘඩාංග වේදිකාවට යොදවා තිබේ.
එය ගෘහස්ථ ක්වොන්ටම් පරිගණක දෘඩාංග සහ මෘදුකාංග සංයෝගයේ සැලකිය යුතු ඉදිරි පියවරක් නියෝජනය කරන බව චීන විද්‍යා ඇකඩමිය යටතේ ඇති එහි ප්‍රාථමික සංවර්ධකයා වන මෘදුකාංග ආයතනය පවසයි.
ආයතනයට අනුව, isQ-Core හි සරල බව, භාවිතයේ පහසුව, ඉහළ කාර්යක්ෂමතාව, ඝන පරිමාණය සහ ඉහළ විශ්වසනීයත්වය යන වාසි ඇත.
එය ක්වොන්ටම් පරිගණක න්‍යාය සහ යෙදුම් පර්යේෂණ පැවැත්වීම සඳහා විද්‍යාඥයින්ට සහාය වනු ඇති බව ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෑත වසරවලදී "Jiuzhang," "Zuchongzhi" සහ "Zuchongzhi 2" දියත් කිරීමත් සමග චීනය වේගවත් ක්වොන්ටම් පරිගණක සංවර්ධනයක් අත්කර ගෙන ඇත. සාම්ප්‍රදායික පරිගණකවලට සමානව, ක්වොන්ටම් පරිගණකවලට දෘඩාංග උපාංග කළමනාකරණය කිරීමට, යෙදුම් ක්‍රියාත්මක කිරීමට සහ පරිශීලක අතුරුමුහුණතක් සැපයීමට මෘදුකාංග අවශ්‍ය වේ.
දෘඩාංග පරිමාණයෙන් දැනට චීනයේ විශාලතම CAS ක්වොන්ටම් පරිගණක ක්ලවුඩ් වේදිකාවක් මත isQ-Core යොදවා ඇති බව පර්යේෂකයෝ නිවේදනය කළහ.
|
lk_news
|
2022-02-20-adalk-637d6df0
|
adalk-637d6df0
|
2022-02-20
|
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ජෛව ඩීසල් නිපදවයි
|
https://www.ada.lk/technology/අනුරාධපුර-ශික්ෂණ-රෝහලේ-අධ්‍යක්ෂක-ජෛව-ඩීසල්-නිපදවයි/5-390527
|
si
|
adalk
| 1,645,366,203
|
2022-02-20-adalk-637d6df0-0000
| 0
|
si
|
65b9bb3612e096511579b077d5a2b87e
| 2,747
|
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ජෛව ඩීසල් නිපදවයි
අනුරාධපුර ශික්ෂණ රෝහලෙ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් එඬරු ඇට යොදා ගනිමින් ජෛව ඩීසල් නිෂ්පාදන කිරීමට සමත්ව තිබේ.
ඔහු සඳහන් කරනුයේ තමන් වසර 15ක් පුරාවට පරීක්ෂන කරමින් ජෛව ඉන්ධන සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණ වල සොයා ගැනීම් අනුව දැනට තිබෙන ඩීසල් හිඟතාවය ඇතුළු ගැටළු නිසා ජෛන කාබනික ඩීසල් නිෂ්පාදනය ආරම්භ කල බවත් මේ සඳහා ලංකාවේ වැවෙන එඬරු ශාක වර්ග දෙකක තෙල් මනුශ්‍ය පරිභෝජනය සඳහා භාවිතා නොකරන බැවින් මෙහි විශාල වශයෙන් ඵල හට ගන්නා බවත් එම ඇට වලින් වසරකට සියයට 60ක ආසන්න ප්‍රමාණයකින් තමන් තෙල් නිෂ්පාදනය කල බවයි.
වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනුයේ පෙට්‍රෝලියම් ඉන්ධන අවසන් වී යාම හේතුවෙන් මේ වනවිටත් ලෝකයම ජෛව ඉන්ධන භාවිතයට නැඹුරු වී ඇති බවත් මේ වන විටත් ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, සහ අප්‍රිකාව වැනි රටවල වසර ගණනාවක් සිය ජෛව ඩීසල් භාවිතා කර ඇති බවයි.
වෛද්‍යවරයා සඳහන් කරනුයේ තමන් කෘෂිකර්මාන්තයට යොදා ගන්නා ටැක්ටර් රථය මෙන්ම තම කැබ් රථයද තමන් විසින් නිෂ්පාදනය කරන ලද ජෛව ඩීසල් වලින් ධාවන කරනු ලබන බවත් මෙ දැනට පවතින ඩීසල් වාහන සදහාද කිසිදු වෙනස් කමක් නොකරම භාවිතා කිරීමට හැකියාව ඇති බවයි.
|
lk_news
|
2022-02-21-adalk-c23bff6e
|
adalk-c23bff6e
|
2022-02-21
|
චීන ජංගම දුරකථන අපනයන ඒකක මිලියන 33කින් ඉහළට
|
https://www.ada.lk/international/චීන-ජංගම-දුරකථන-අපනයන-ඒකක-මිලියන-33කින්-ඉහළට/3-390532
|
si
|
adalk
| 1,645,412,223
|
2022-02-21-adalk-c23bff6e-0000
| 0
|
si
|
cbacaaabdf4bc98510161daac68510c2
| 1,680
|
චීන ජංගම දුරකථන අපනයන ඒකක මිලියන 33කින් ඉහළට
වසංගතයත් සමග චීනයේ ජංගම දුරකථන අපනයන වසරින් වසර 17.7%කින් පහත වැටී තිබුණද, ලොවපුරා වසංගතයේ නව සාමාන්‍යය තත්ත්වයක් ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස ජනවාරි මාසයේදී එය ඒකක මිලියන 33.02ක් දක්වා ඉහළ ගොස් ඇති බව චීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇකඩමියේ (CAICT) වාර්තාවක් පෙන්වා දෙයි.
චීන සමාගම් විසින් පසුගිය මාසයේ නව මාදිලි 30ක් නිකුත් කර ඇත. කෙසේ වෙතත් එය පෙර වසරට වඩා 43.4%කින් අඩු වී ඇති බව කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනයක් වන CAICT පවසයි.
එමෙන්ම, දේශීය ජංගම දුරකථන වෙළෙඳ පොළෙහි චීන වෙළෙඳ නාම දිගින් දිගටම ආධිපත්‍යය දරයි. එය ඒකක වශයෙන් මිලියන 25.65ක් වූ අතර, සමස්ත දේශීය වෙළෙඳ පොළ අගයෙන් 77.7%ක් විය.
|
lk_news
|
2022-03-23-adalk-f139a091
|
adalk-f139a091
|
2022-03-23
|
පේරාදෙණිය ඉංජිනේරු සිසුන්ගෙන් E වීලර් රථයක්
|
https://www.ada.lk/uncategorized/පේරාදෙණිය-ඉංජිනේරු-සිසුන්ගෙන්-E-වීලර්-රථයක්/1-391554
|
si
|
adalk
| 1,648,034,723
|
2022-03-23-adalk-f139a091-0000
| 0
|
si
|
e651b5b848caf2b578783b5ad71d90dc
| 3,744
|
පේරාදෙණිය ඉංජිනේරු සිසුන්ගෙන් E වීලර් රථයක්
රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මාණය කොට තිබේ .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශිෂ්ටතා ප්‍රදර්ශනය - 2022, අද (23දා) ඒකාබද්ධ ජල පර්යේෂණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අවස්ථාවේදී මෙම ත්‍රිරෝද රථය ප්‍රථමවරට ප්‍රදර්ශනය කෙරුණි .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා විදුලියෙන් ක්‍රියා කරන එම ත්‍රිරෝද රථය පිලිබඳ මාධ්‍යයට හඳුන්වා දීම සිදු කළේය .
E වීලර් යනුවෙන් යනුවෙන් හඳුන්වා ඇති එම විදුලි ත්‍රීරෝද රථය එක් වරක් බැටරි ආරෝපණයකින් කිලෝ මීටර් 60 ක දුරක් ගමන් කළ හැකි බව මහාචාර්ය වරයා පවසයි . මහාචාර්යවරයා පවසා සිටින්නේ මෙම ත්‍රීරෝද රථය ව්‍යාපාරික මට්ටමින් ආරම්භ කළ විට මෙරට ඇති මිලියන දෙකක් වූ තීරෝද රථ විදුලියෙන් දිවීමට හරවා ගත හැකි වන බවයි .
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ඒ සඳහා යොදන බැටරිය ත්‍රිරෝද රථයේ හිමිකරු විසින් ආරෝපණය කිරීමට අවශ්‍ය නොවීමත් හිස් ගෑස් සිලින්ඩරයක් දී අලුත් ගෑස් සිලින්ඩරයක් ලබා ගන්නා ආකාරයට භාවිතා කළ බැටරිය රට පුරා ඒ සඳහා ස්ථාපිත කරන මධ්‍යස්ථාන වලට ලබාදී ආරෝපණය කරන ලද බැටරියක් ලබාගත හැකි වීමයි . එවිට ත්‍රීරෝද රථ හිමිකරුට එහි විදුලිය සඳහා පමණක් යම් මුදලක් ගෙවීමට සිදුවන බවයි මහාචාර්යවරයා පවසා සිටියේ .
දැනට මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වී සිටින බව ද මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පැවසිය .
|
lk_news
|
2022-05-26-adalk-c34b3916
|
adalk-c34b3916
|
2022-05-26
|
එක වාහනයකට එක දිනකදී තෙල් කී පාරක් ගසා ඇත්දැයි සෙවීමට යෙදවුමක්
|
https://www.ada.lk/technology/එක-වාහනයකට-එක-දිනකදී-තෙල්-කී-පාරක්-ගසා-ඇත්දැයි-සෙවීමට-යෙදවුමක්/5-393792
|
si
|
adalk
| 1,653,563,809
|
2022-05-26-adalk-c34b3916-0000
| 0
|
si
|
c372b89af4c75a7b9eedc8cdff3b7a89
| 1,274
|
එක වාහනයකට එක දිනකදී තෙල් කී පාරක් ගසා ඇත්දැයි සෙවීමට යෙදවුමක්
වාහන වලට ඉන්ධන ලබා ගැනීමේදී එක වාහනයක් එක් දිනකදී විවිධ ඉන්ධනහල් වෙතින් ඉන්ධන ලබාගෙන ඇත්දැයි දැන ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් යෙදවුමක් නිර්මාණය කර තිබේ.
එය යෙදවුම අනුව ඉන්ධන ලබාගත් වාහනයක අංකය ඇතුළත් කළ විට එම වාහනය එම දිනයේදී ඉන්ධන ලබාගෙන ඇති ආකාරය පෙන්වනු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
මෙම යෙදවුම මේ වන විට ශ්‍රී ලංකාවේ විවධ ප්‍ර දේශවල අත්හදා බලමින් සිටින බවද ඔහු පවසයි.
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0000
| 0
|
si
|
96a48422263364478c1aaeb27715bbe6
| 287
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0001
| 1
|
si
|
585203ffa3a5bc5faf944d7cb36658b1
| 3,401
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු විභාගය
Show more
2011 ඔක්තෝබර් 8
Image copyright by PRADEEP DAMBARAGE
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට දුමින්ද සිල්වා ඇතුළු පිරිසකට එරෙහිව නඩුපැවරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව කොළඹ මහේස්ත්‍රාත්වරයා තීරණය කිරීම
2015 අප්‍රේල් 01
නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී දුමින්ද සිල්වා ඇතුළු පිරිසට අධිචෝදනා පත්‍ර භාර දීම
Image copyright by GETTY IMAGES
2015 අගෝස්තු 04
දුමින්ද සිල්වා ඇතුළු පිරිසට එරෙහි නඩු විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීම
2015 අගෝස්තු 06
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී ආරම්භ වීම.
2016 සැප්තැම්බර් 8
Image copyright by GETTY IMAGES
ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කිරීම
2021 ජුනි 24
Image copyright by Facebook
ජනාධිපති පොදු සමාව යටතේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වා නිදහස් කිරීම
2022 මැයි 31
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති සමාව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම
2022 ජුනි 1
දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගැනීම
Image copyright by BBC
2024 ජනවාරි 17
දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0002
| 2
|
si
|
9263a702a6f8bbf6822cfdde04ed04ad
| 470
|
2022 ජුනි 1
දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගැනීම
Image copyright by BBC
2024 ජනවාරි 17
දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0003
| 3
|
si
|
fb6ff2162b25320d89cf9dc6e9946f0c
| 3,600

2022-05-31-bbccomsinhala-96a48422-0004
| 4
|
si
|
3df4a89f4dc56702ce4b086495d327ce
| 4,035
|
2022 ජුනි 1
දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගැනීම
Image copyright by BBC
2024 ජනවාරි 17
දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවමින් අනීතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජනවාරි 17 වැනිදා) තීන්දු කළේය.
ඒ අනුව දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රදානය කළ සමාව බල ශූන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරනු ලැබීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කරමින් දුමින්ද සිල්වා නිදහස් කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර , දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කළේය.
අර්ජුන ඔබේසේකර, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0005
| 5
|
si
|
46fdf22c77b0dfc29dfd45894cc940c3
| 4,672
|
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කරමින් දුමින්ද සිල්වා නිදහස් කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර , දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කළේය.
අර්ජුන ඔබේසේකර, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා "අධිකරණය මගින් වරදකරු කරනු ලැබූ පුද්ගලයකුට සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියේ සඳහන් ප්‍රතිපාදනවලට යටත්ව කටයුතු කිරීමට සිදුවෙනවා. එම ප්‍රතිපාදන වලට අනුව යම් වරදකරුවෙකුට සමාව දීමට පෙර එම පුද්ගලයා වරදකරු කරනු ලැබූ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවිය යුතුයි. පසුව එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කළ යුතුයි. පසුව ඊට අදාළව නීතිපතිවරයාගේ ස්ථාවරය ද සමඟ එම වාර්තාව අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කළ යුතුයි. පසුව අධිකරණ අමාත්‍යවරයා විසින් තමන්ගේ නිර්දේශයද ඇතුළත්ව අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමුකරනු ලබයි. යම් පුද්ගලයකුට සමාව ප්‍රදානය කරන්නේ ද? නැද්ද? යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ලබන්නේ එම සියලු පටිපාටි සම්පූර්ණයෙන් කිරීමෙන් අනතුරුවයි."
"එහෙත් මෙම නඩුකරයේ වග උත්තරකාර දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමට පෙර එම නීතිමය ක්‍රියා පටිපාටිය හිටපු ජනාධිපතිවරයා විසින් අනුගමනය කරන තිබෙන බව අධිකරණය හමුවේ තහවුරු කිරීමට ඔහු අසමත් වී තිබෙනවා." යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා මෙම සමාව දීමේ ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ආකාරයට ක්‍රියාවේ යොදවමින් කටයුතු කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0006
| 6
|
si
|
031873b80e365ecd48ffed0b34c9d892
| 4,805
|
"එහෙත් මෙම නඩුකරයේ වග උත්තරකාර දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමට පෙර එම නීතිමය ක්‍රියා පටිපාටිය හිටපු ජනාධිපතිවරයා විසින් අනුගමනය කරන තිබෙන බව අධිකරණය හමුවේ තහවුරු කිරීමට ඔහු අසමත් වී තිබෙනවා." යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා මෙම සමාව දීමේ ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ආකාරයට ක්‍රියාවේ යොදවමින් කටයුතු කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.
සිය දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු තුළින් සමාව දීමේ ක්‍රියාවලිය සාධාරණීකරණය කිරීමට ජනාධිපතිවරයා අසමත් වී ඇති බවත් ඔහු විසින් ඉදිරිපත් කරන කරුණු අධිකරණයට පිළිගත නොහැකි බවත් විනිසුරුවරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ මෙම සමාව දීමේ ක්‍රියාවලිය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේදැයි විනිසුරුවරයා සිය තීන්දුවේ මෙසේ සඳහන් කර තිබේ.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය ප්‍රකාරව වරදකරුවන්ට සමාව දීමේදී ජනාධිපතිවරයා විසින් කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කර තිබෙනවා. මෙම නඩුකරයට අදාළව මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් අතුරින් දුමින්ද සිල්වා නමැති විත්තිකරුට සමාව දීම සඳහා ජනාධිපතිවරයා තෝරා ගත්තේ කෙසේද යන්න ප්‍රශ්න සහගතයි. ඒ හරහා ඔහු වින්දිතයින් හා සාක්‍ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ 3(Q) වගන්තිය ද නොසලකා හැර කටයුතු කර තිබෙනවා. දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීම සඳහා තෝරා ගැනීමේදී පෞද්ගලික මිත්‍රත්වය හා දේශපාලන බැඳියාව මත හිටපු ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබෙන ආකාරය පෙනී යනවා. ඒ තුළින් මෙරට අපරාධ යුක්ති ක්‍රියාදාමය කෙරෙහි මහජනයා තබා තිබෙන විශ්වාසය උල්ලංඝනය වන ආකාරයෙන් ඔහු කටයුතු කර තිබෙනවා" යනුවෙන් සඳහන් කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා වගඋත්තරකාර දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තමන්ට පැවරී තිබෙන නීතිමය බල සීමාව අභිබවා ගොස් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර කර තිබෙන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0007
| 7
|
si
|
68364ed93ed5f820a126483af321b242
| 5,171

ඒ අනුව දුමින්ද සිල්වාට ප්‍රදානය කළ සමාව නීතිය ඉදිරියේ බලශූන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුට අධිකරණය මගින් පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් බන්ධනාගාර කොමසාරිත් ජනරාල්වරයාට නියෝග කරනු ලැබූහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා (2022 ජුනි 01 වැනිදා ) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් (ජුනි 01 වැනිදා) පෙරවරුවේ ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත්කර තිබුණු බවට රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
පසුව පස්වරුවේ රෝහලට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට වරදකරුවී මරණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වාට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් සමාව අත්හිටවූ ශ්‍රේෂ්ඨාධිකරණය වහා ඔහු අත්අඩංගුවට ගන්නැයි (මැයි 31 වැනිදා) නියෝගයක් නිකුත් කළේය.
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0008
| 8
|
si
|
979899fe2156b5e2da50ab83331fcce1
| 5,224
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට වරදකරුවී මරණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වාට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් සමාව අත්හිටවූ ශ්‍රේෂ්ඨාධිකරණය වහා ඔහු අත්අඩංගුවට ගන්නැයි (මැයි 31 වැනිදා) නියෝගයක් නිකුත් කළේය.
ජනාධිපති සමාව ලබා දීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇතත් මරණ දඩුවම නියමවූ අයෙකු සම්බන්ධයෙන් සමාව ලබාදීමේදී අනුගමනය කල යුතු ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රමවේදය අනුගමනය කර නැතැයි පෙත්සම්කාර පාර්ශ්ව අධිකරණයට පෙන්වා දී තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති සංජය රාජරත්නම් විසින් (2022 මැයි 31) දිනම පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව දුමින්ද සිල්වා යළි සිර භාරයට ගන්නා ලෙසද අධිකරණය නියෝග කළේය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනු ලැබීය.
ජනාධිපති සමාව ලබා දීම අත්හිට වු ශ්‍රේෂ්ඨාධිකරණය දුමින්ද සිල්වාට විදෙස් ගමන් තහනම් කරමින්, අතුරු නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.
ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬල්ල මෙම නියෝගය නිකුත් කළහ.
මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.
මරණීය දණ්ඩනය නියම වුවන් 9000කට ආසන්න පිරිසක් බන්ධනාගාර ගතව ඇති තත්ත්වය තුළ පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා දුමින්ද සිල්වාව තෝරා ගත්තේ කුමන පදනමකින් ද යන ගැටලුව මතුවන බව ජනාධිපති නීතිඥ සුමන්තිරන් මෙහිදී කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා පටිපාටිය පිළිබඳව පරීක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණයට බලය පැවරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0009
| 9
|
si
|
7fafbc3b68f824fe61ac7499254372d5
| 5,270
|
මරණීය දණ්ඩනය නියම වුවන් 9000කට ආසන්න පිරිසක් බන්ධනාගාර ගතව ඇති තත්ත්වය තුළ පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා දුමින්ද සිල්වාව තෝරා ගත්තේ කුමන පදනමකින් ද යන ගැටලුව මතුවන බව ජනාධිපති නීතිඥ සුමන්තිරන් මෙහිදී කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා පටිපාටිය පිළිබඳව පරීක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණයට බලය පැවරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරු ද මෙම කරුණු අනුමත කරමින් දේශන ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයාගේ පොදු සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාපටිපාටිය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට පැවසීය.
මෙම නඩුකරයට පාදක වන පොදු සමාව ප්‍රදානය කිරීමේ දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට තිබෙන ප්‍රතිපාදන අනුගමනය කර තිබෙන බවත් එබැවින් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ද කියා සිටියේ තම සේවාදායකයාට පොදු සමාව ප්‍රදානය කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි.
මෙම පොදු සමාව ප්‍රදානය කිරීම නීත්‍යානුකූලව සිදු වී ඇති බවත් මෙම ඉල්ලීම සලකා බැලීමට අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙමින් ඉහත අතුරු තහනම් නියෝග නිකුත් කළේය.
ඒ අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 01 වැනිදා පැවැත්වීමට දින නියම කෙරුණි.
මරණ දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව දෙනු ලැබීම පිළිබඳ සමාජ ජාල සහ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ 2021 ජුනි 24 වෙනිදා නිදහස් කෙරිණි.
ඔහු ඇතුළුව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් 93 දෙනා අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු රැඳවියන් 16 දෙනෙක් ද විය.
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0010
| 10
|
si
|
bf6fc85ef50b86eafead1afb606c25b7
| 4,637
|
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ 2021 ජුනි 24 වෙනිදා නිදහස් කෙරිණි.
ඔහු ඇතුළුව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් 93 දෙනා අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු රැඳවියන් 16 දෙනෙක් ද විය.
ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ සටහනක් තබා ඇති ඇමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, "වගවීම සහ යුක්තිය වෙත පිවිසීමට ඇති සමාන ප්‍රවේශයන්, ශ්‍රී ලංකා ආණ්ඩුව කැප වී ඇති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් අතර ප්‍රධාන වන" බව පවසා තිබේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු විභාගය
Show more
2011 ඔක්තෝබර් 8
Image copyright by PRADEEP DAMBARAGE
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට දුමින්ද සිල්වා ඇතුළු පිරිසකට එරෙහිව නඩුපැවරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව කොළඹ මහේස්ත්‍රාත්වරයා තීරණය කිරීම
2015 අප්‍රේල් 01
නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී දුමින්ද සිල්වා ඇතුළු පිරිසට අධිචෝදනා පත්‍ර භාර දීම
Image copyright by GETTY IMAGES
2015 අගෝස්තු 04
දුමින්ද සිල්වා ඇතුළු පිරිසට එරෙහි නඩු විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීම
2015 අගෝස්තු 06
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී ආරම්භ වීම.
2016 සැප්තැම්බර් 8
Image copyright by GETTY IMAGES
ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කිරීම
2021 ජුනි 24
Image copyright by Facebook
ජනාධිපති පොදු සමාව යටතේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වා නිදහස් කිරීම
2022 මැයි 31
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති සමාව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම
2022 ජුනි 1
දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගැනීම
Image copyright by BBC
2024 ජනවාරි 17
දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0011
| 11
|
si
|
9cf56dc8b4fb0899e7227b81241e2bfd
| 5,065
|
2022 ජුනි 1
දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගැනීම
Image copyright by BBC
2024 ජනවාරි 17
දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
2011 ඔක්තෝම්බර් 08 වෙනිදා, බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කළේය.
මරණ දඬුවම නියමව සිටි තවත් එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට එහිදී අධිකරණය නියෝග කළේය.
භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.
එහිදී, බහුතර විනිසුරු මඬුල්ල තීන්දුව දෙමින් කියා සිටියේ, විත්තිකාර දුමින්ද සිල්වා කලක පටන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමඟ අමනාපයකින් පසුවූ බව පැහැදිලි වී ඇති බවය.
මේ හේතුවෙන් අදාළ ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බවට සාක්ෂි මඟින් තහවුරු වී ඇති බව කී බහුතර විනිසුරුවරු ඒ අනුව මරණීය දණ්ඩනය පැනවීමට තීන්දු කළහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරුවේ, 2015 වසරේ මාර්තු මස 03 වෙනිදාය.
එහිදී, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කරනු ලැබූ අධිචෝදනා සංඛ්‍යාව 17 කී. මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා රැසක් ඊට ඇතුළත් විය.
2011 වසරේ ඔක්තෝබර් මස 8 වෙනිදා පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව කොලොන්නාව ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමකදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය යාමෙන් පසු ඊට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ, චෝදනා පවත්වා ගෙන යාම සඳහා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවය.
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0012
| 12
|
si
|
59cc35bea09fb5533264e662bbf5f92a
| 5,119
|
2011 වසරේ ඔක්තෝබර් මස 8 වෙනිදා පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව කොලොන්නාව ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමකදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය යාමෙන් පසු ඊට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ, චෝදනා පවත්වා ගෙන යාම සඳහා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවය.
දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබුවේ, 2015 අගෝස්තු මස 04 වෙනිදාය.
ශිරාන් ගුණරත්න - විනිසුරු මඩුල්ලේ සභාපතිපද්මිණී රණවක ගුණතිලක එම්.සී.බීඑස්. මොරායස්
අදාළ නඩු විභාගය 2015 වසරේ අගෝස්තු 06 වෙනිදා කොළඹ මහාධිකරණයේදී ආරම්භ වූ අතර, විත්තිකරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
2011 ඔක්තෝබර් මස 08 වෙනිදා අංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමකට සම්බන්ධ වී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම, රාජු උරුගේ ගාමිණි නමැත්තා ඝාතනයට තැත් කිරීම, එදින ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටි පිරිස ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීම, නීති විරෝධී රැස්වීමකට සම්බන්ධවීම ඔවුන්ට එරෙහි චෝදනා අතර විය.
අදාළ සියලු චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ අධිකරණය හමුවේ කියා සිටියහ.
මේ අතර මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ 'යහපාලන ආණ්ඩු' සමයේ එවක අමාත්‍යවරයෙකුව සිටි රන්ජන් රාමනායක සහ ආණ්ඩුවේ ඇතැම් පාර්ශව ඉහත කී නඩු විභාගයට බලපෑම් කර ඇති බවට 2020 වසර ආරම්භයේ චෝදනා එල්ල විය. ඒ රන්ජන් රාමනායක සහ මහාධිකරණ විනිසුරන් අතර සිදු වූ බව පැවසෙන දුරකථන සංවාද ඇතුළත් හඬ පට අන්තර්ජාලය වෙත මුදා හැරීමේ සිදු වීමත් සමඟය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවෙනි අදියරයේදී ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළේය. එවක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය.
දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියට අවතීර්ණ වූයේ, එක්සත් ජාතික පක්ෂය හරහාය. 2004 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0013
| 13
|
si
|
b6d57c329224b68ddf00897a2bd89b7b
| 5,170
|
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවෙනි අදියරයේදී ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළේය. එවක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය.
දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියට අවතීර්ණ වූයේ, එක්සත් ජාතික පක්ෂය හරහාය. 2004 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.
ළමා අපචාර සම්බන්ධයෙන් වූ චෝදනාව දුමින්ද සිල්වා තරයේ ප්‍රතික්ෂේප කළේය.
දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූයේ, 2007 වසරේදීය.
ඒ අතරතුර, ළමා අපචාර සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහිව පැවති නඩුව එවක නීතිපති මොහාන් සිල්වා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ද නිර්මාණය විය.
ඒ සම්බන්ධයෙන්, එවක අග්‍ර විනිශ්චයකාර අසෝක ද සිල්වා බීබීසී සංදේශය වැඩසටහන සමඟ පැවසුවේ, දුමින්ද සිල්වාට එරෙහිව සාක්ෂි තිබුණේ නම් එවක නීතිපති මොහාන් සිල්වා විසින් එම නඩුව ඉල්ලා අස්කර ගනු ලැබීම "වැරදි" අතර නීතිපතිවරයාට එවැනි බලයක් නොමැති බවය.
මේ අතර, ජනප්‍රිය නිළියක වූ අනර්කලී ආකර්ෂා සහ ඇයගේ මව ඝාතනය කරන බවට දුමින්ද සිල්වා තර්ජනය කළ බවට චෝදනා කරමින් අනර්කලී ආකර්ෂා 2008 වසරේදී අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.
මීට අමතරව, කොලොන්නාවේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් ද එවක ඔහුට එරෙහිව දැඩිව චෝදනා එල්ල විය.
මේ අතර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගය පැවති වකවානුවේ මාස කිහිපයක් දුමින්ද සිල්වා සිංගප්පූරුවේ සිට ප්‍රතිකාර ලබන බවට අධිකරණයට කරුණු වාර්තා කෙරිණ.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එවක පැවති මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුම ඔහු බැලීමට සිංගප්පූරුවට ගිය බවට ද මාධ්‍ය වාර්තාවල දැක්විණ.
රන්ජන්ගේ 'හඬපට' ගැන මෙතෙක් දන්නා කරුණු මොනවාද? දුමින්ද සිල්වාට මරණ දඬුවමදුමින්ද සිල්වා ගේ බැංකු ගිණුම් 'පරීක්ෂා කරන්න'
දුමින්ද සිල්වා නිදහස් කිරීම: 'එක් රටක්, සැමට එක් නීතියක්' සහ ජනාධිපති සමාවශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද වරදකරු බව තහවුරු කෙරුණු දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍ය අනතුරේ හෙලීමක් කිරීමක් බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.2021 ජූනි 24
|
lk_news
|
2022-05-31-bbccomsinhala-96a48422
|
bbccomsinhala-96a48422
|
2022-05-31
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි
|
https://www.bbc.com/sinhala/sri-lanka-61642735
|
si
|
bbccomsinhala
| 1,653,980,110
|
2022-05-31-bbccomsinhala-96a48422-0014
| 14
|
si
|
db35b96d1031c55b8ef14cf79eab5608
| 3,305
|
දුමින්ද සිල්වා නිදහස් කිරීම: 'එක් රටක්, සැමට එක් නීතියක්' සහ ජනාධිපති සමාවශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද වරදකරු බව තහවුරු කෙරුණු දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍ය අනතුරේ හෙලීමක් කිරීමක් බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.2021 ජූනි 24
ප්‍රධාන පුවතගමේ දුප්පත් දරුවන්ට අකුරු කියාදෙන දිරිය දියණියපැය 2 කට පෙරරාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කියන්නේ කවුද ?2024 ජනවාරි 25රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් ජීවිතක්ෂයට2024 ජනවාරි 24විශේෂාංගආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !2024 ජනවාරි 22'හෝයියා හෝයියා ඕඩි හෙලෙයි හෙලෙයියා' : ගාලු වැල්ලේ සවසක මා දැලක් අදිමුද?2024 ජනවාරි 21ඩෙල්ෆ්: අඩු වියදමකින් විවේකය ගත කළ හැකි සුන්දර සංචාරක ගමනාන්තයක් වෙත යමුද?2024 ජනවාරි 20යමුනා සඟරසිවම්: මයිකල් ජැක්සන් සමග යුගල නර්තනයකට එක්වූ ශ්‍රී ලාංකික මහාචාර්යවරිය2024 ජනවාරි 18සිල්ලර බඩු මල්ලක මිල: අවුරුද්දක් තුළ කොපමණ වෙනස් වී තිබේ ද?2024 ජනවාරි 18වැඩිපුරම කියැවූ1අධ්‍යාපනයේ මහිමයෙන් ලෝකය ජය ගත් හේනේ පැලක පාඩම් කළ ශ්‍රී ලාංකිකයා2රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කියන්නේ කවුද ?3ශ්‍රී ලංකාවේ සිදුවන භික්ෂූත්වයෙන් නෙරපීමේ ක්‍රියාවලිය කෙබඳු ද?4ඔස්කාර් සම්මාන උළෙල 2024 : මෙවර නිර්දේශිත නාම මොනවාදැයි ඔබ දන්නවාද?5රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් ජීවිතක්ෂයට
අධ්‍යාපනයේ මහිමයෙන් ලෝකය ජය ගත් හේනේ පැලක පාඩම් කළ ශ්‍රී ලාංකිකයා
ඔස්කාර් සම්මාන උළෙල 2024 : මෙවර නිර්දේශිත නාම මොනවාදැයි ඔබ දන්නවාද?
|
lk_news
|
2022-07-12-newsfirstlk-c83f4c6f
|
newsfirstlk-c83f4c6f
|
2022-07-12
|
LPL 2022 schedule announced; 24 matches in total
|
https://english.newsfirst.lk/2022/07/12/lpl-2022-schedule-announced-24-matches-in-total
|
en
|
newsfirstlk
| 1,657,636,020
|
2022-07-12-newsfirstlk-c83f4c6f-0000
| 0
|
en
|
647c4c83523243ca6dca97c3b7ac882d
| 567
|
LPL 2022 schedule announced; 24 matches in total
COLOMBO (News 1st); Sri Lanka Cricket announced that Lanka Premier League 2022 will commence on the 1st of August 2022 with Jaffna Kings, the reigning champions taking on Galle Gladiators, who were the runner-up of the year 2021 edition.
In total, 24 matches will be played during the tournament, with 20 first-round games, and 4 final-round games, including the Finals.
The first 14 games will be played at the RPICS, Colombo, whilst the tournament will move into MRICS, Hambantota, starting from 13th August 2022.
|
lk_news
|
2022-07-14-newsfirstlk-c571df52
|
newsfirstlk-c571df52
|
2022-07-14
|
SLC names squad for upcoming PAKvSL series
|
https://english.newsfirst.lk/2022/07/14/slc-names-squad-for-upcoming-pakvsl-series
|
en
|
newsfirstlk
| 1,657,792,440
|
2022-07-14-newsfirstlk-c571df52-0000
| 0
|
en
|
c571df524811311ef9ad5e015b9bc01e
| 42
|
SLC names squad for upcoming PAKvSL series
|
lk_news
|
2022-09-03-adalk-5dd7a654
|
adalk-5dd7a654
|
2022-09-03
|
දුරකතන, බ්‍රෝඩ්බෑන්ඩ් හා රූපවාහිනී ගාස්තු ඉහළට
|
https://www.ada.lk/technology/දුරකතන--බ්‍රෝඩ්බෑන්ඩ්-හා-රූපවාහිනී-ගාස්තු-ඉහළට/5-396858
|
si
|
adalk
| 1,662,187,760
|
2022-09-03-adalk-5dd7a654-0000
| 0
|
si
|
f2e60d58416a6c2915381d0e601f0222
| 1,396
|
දුරකතන, බ්‍රෝඩ්බෑන්ඩ් හා රූපවාහිනී ගාස්තු ඉහළට
සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර දී තිබේ.
ගාස්තු ඉහළ නැංවීම ලබන 5 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මේ අනුව ජංගම හා ස්ථාවර දුරකථන සේවා ගාස්තු සහ බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු 20%කින් ඉහළ දැමීමට නියමිත අතර මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු 25%කින් ඉහළ දැමීමට නියමිතයත
ඊට අමතරව පසුගිය අතුරු අයවැයෙන් වැඩිකළ වැට් බද්දද පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට නියමිතය.
|
lk_news
|
2022-09-20-adalk-3fdeed15
|
adalk-3fdeed15
|
2022-09-20
|
කොවිඩ් ඇතුළු වෛරස් උණ හඳුනා ගන්නා මුහුණු ආවරණයක් චීනයෙන්
|
https://www.ada.lk/technology/කොවිඩ්-ඇතුළු-වෛරස්-උණ-හඳුනා-ගන්නා-මුහුණු-ආවරණයක්-චීනයෙන්/5-397277
|
si
|
adalk
| 1,663,668,717
|
2022-09-20-adalk-3fdeed15-0000
| 0
|
si
|
03196e53f2b6a2bc2e3df4ad53fe5de9
| 2,619
|
කොවිඩ් ඇතුළු වෛරස් උණ හඳුනා ගන්නා මුහුණු ආවරණයක් චීනයෙන්
COVID-19 හෝ උණ රෝගයට නිරාවරණය වී ඇත්දැයි පරිශීලකයින්ට දැන ගැනීමට ඉඩ සලසන නව මුව ආවරණයක් චීන පර්යේෂකයන් විසින් නිපදවා තිබේ. මුහුණු ආවරණ භාවිතය පහත වැටෙන විට සහ තවත් රටවල් වෛරස් සීමා ලිහිල් කරන විට පවා අවදානමට ලක්විය හැකි ජනගහනයට උපකාර කිරීම මෙම නව නිර්මාණයේ අපේක්ෂාවයි.
ෂැංහයි හි ටොංජි විශ්ව විද්‍යාලයේ සේවය කරන විද්‍යාඥයින් හය දෙනෙකු විසින් මෙහෙයවන ලද අධ්‍යයනයට අනුව, මුහුණු ආවරණයක් තුළ සාදන ලද සංවේදකයකින් විනාඩි 10 ක් ඇතුළත වාතයේ ඇති COVID-19, H5N1 සහ H1N1 ඉන්ෆ්ලුවෙන්සා වෛරස් හඳුනාගෙන උපාංගයකට දැනුම්දීම් මේ හරහා සිදුවෙයි.
නව සොයාගැනීම මැටර් විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී. නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියක් සමග මුහුණ ආවරණයට පිටතින් සවිකර ඇති නව උපාංගය හරහා යමෙකු කතා කරන හෝ කැස්සක් ඇති විය හැකි අවස්ථාවකදී හෝ ගෘහසස්ථ පසුබිමක රෝග කාරක ඇතිදැයි පරීක්‍ෂා කිරීමට හැකියාව පවතී.
පර්යේෂකයන් පැවසුවේ මෙම උපකරණය ආසාදනය වීමේ අවදානම වැඩි සංවෘත අවකාශයන් තුළ වඩාත් හොඳින් භාවිතා කළ හැකි බවයි. උපාංගයේ පිරිවැය ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර නැත.
|
lk_news
|
2022-10-03-adalk-6a93cfb3
|
adalk-6a93cfb3
|
2022-10-03
|
එලෝන් මස්ක් හදුන්වාදෙන නවතම මානවරූපී රොබෝව Optimus
|
https://www.ada.lk/opinion/එලෝන්-මස්ක්-හදුන්වාදෙන-නවතම-මානවරූපී-රොබෝව-Optimus/2-397613
|
si
|
adalk
| 1,664,775,329
|
2022-10-03-adalk-6a93cfb3-0000
| 0
|
si
|
9d5f91ad396eea2e5459cffed4aa12ca
| 5,101
|
එලෝන් මස්ක් හදුන්වාදෙන නවතම මානවරූපී රොබෝව Optimus
ලොව ජනප්‍රිය විදුලි මෝටර් රථ මාදිලියක් වන Tesla හි නිර්මාතෘවරයා වන සුප්‍රසිද්ධ ව්‍යවාසයක එලෝන් මස්ක් පසුගියදා සිය නවතම ඉදිරිපත් කිරීම ලෙස Optimus නමින් මානවරූපී රොබෝවක මූලාකෘත්‍රියක් හඳුන්වාදුන් බව විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පාලෝ ඇල්ටෝහිදී පැවැති Tesla AI Day 2022 අවස්ථාවේදී මෙම නවතම හඳුන්වාදීම සිදුව තිබේ.
Optimus ලෙස නම් කර ඇති මෙම මානවරූපී රොබෝව වඩාත් නවීනතම කෘත්‍රිම බුද්ධි (AI – Artificial Intelligence) තාක්ෂණයෙන් යුක්ත නිර්මාණයක් බව පැවසෙයි. එසේම මෙම රොබෝව සතුව ස්වයංක්‍රීය මෝටර් රථ ධාවන හැකියාවන්ගෙන්ද සමන්විතය.
විශේෂයෙන්ම Tesla සමාගමේ පර්යේෂණ අංශය විසින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කෙරෙන රොබෝ සහ විදුලි මෝටර් රථ තාක්ෂණය සම්බන්ධයෙන් සිදුකර ඇති අධ්‍යයනයන්ගේ නවතම සාර්ථකත්වය විදහා දැක්වීම වෙනුවෙන් මස්ක් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තිබෙන බව තාක්ෂණික විචාරකයන්ගේ අදහස වී තිබේ. දැනට මාස අටකට පමණ පෙරාතුව ඔවුන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
මෙහිදී Optimus රොබෝව Tesla AI Day 2022 වේදිකාවේ එහා මෙහා ඇවිදිමින්, පැමිණ සිටි පිරිසට ආචාර කරමින් ඔවුන් පුදුමයටත්, අමන්දානන්දයටත් පත්කළ බව සඳහන් වෙයි. කෙසේ වෙතත් තවමත් මෙම මුලකෘත්‍රිය මූලික මට්ටමේ පවතින්නක් වීම හේතුවෙන් එය වඩාත් සංකීර්ණ රොබෝවක් ලෙස ජනතාව අතට ඒම සිදුවිය. එහෙත් කිසිදු ආධාරයක් නොමැතිව රොබෝව වේදිකාවක් මත ඇවිදීම සිදුකළේ එම දිනයේදී බව පවසා ඇති මස්ක්, එය Tesla ලැබූ ජයග්‍රහණයක් බවත් පවසා තිබේ.
මෙම රොබෝව සතුව ඇති ස්වයං-ධාවන මෘදුකාංගය මෙන්ම රොබෝවේ දෘඩාංගද නර්මාණය කර ඇත්තේ Tesla හි කෘත්‍රිම බුද්ධි පර්යේෂණ අංශය මගිනි. මානවයන් හා සමාන රොබෝවරුන් ලෝකය වෙනස් කළ හැකිය යන මස්ක්ගේ දැක්ම යටතේ මෙම රොබෝව නිර්මාණය කෙරී තිබේ.
මස්ක් සඳහන් කරන ආකාරයට මෙම අවස්ථාවේදී සජීවීව සිදුකළ කාර්යයන්වලට අමතරව තවත් බොහෝ දේ මෙම රොබෝව හට සිදුකළ හැකිය. ඒ අනුව ඉදිරියේදී වඩාත් දියුණු කෙරෙන මෙම Optimus රොබෝව තමන් Tesla සමාගම සඳහා සේවයේ යොදවා ගන්නා බවත් මස්ක් පවසා තිබේ.
“දැනට ලෝකයේ තියෙන මානවරුපී රොබෝවන්ට මොළයක් නැහැ. ඒවාට බැහැ බුද්ධිමත්ම තමන්ගේ දිශාව තෝරාගන්න. නමුත් මේ Optimus රොබෝව මෙතෙක් වෙනත් සමාගම් හෝ පර්යේෂකයන් නිපදවූ මානවරූපී රොබෝවලට වඩා බුද්ධිමත්බවින් ඉහළයි.” යනුවෙන් මස්ක් සඳහන් කර ඇත.
|
lk_news
|
2022-10-03-adalk-6a93cfb3
|
adalk-6a93cfb3
|
2022-10-03
|
එලෝන් මස්ක් හදුන්වාදෙන නවතම මානවරූපී රොබෝව Optimus
|
https://www.ada.lk/opinion/එලෝන්-මස්ක්-හදුන්වාදෙන-නවතම-මානවරූපී-රොබෝව-Optimus/2-397613
|
si
|
adalk
| 1,664,775,329
|
2022-10-03-adalk-6a93cfb3-0001
| 1
|
si
|
07fca3464c0a6289f3607db0d7d0e26a
| 3,424
|
“දැනට ලෝකයේ තියෙන මානවරුපී රොබෝවන්ට මොළයක් නැහැ. ඒවාට බැහැ බුද්ධිමත්ම තමන්ගේ දිශාව තෝරාගන්න. නමුත් මේ Optimus රොබෝව මෙතෙක් වෙනත් සමාගම් හෝ පර්යේෂකයන් නිපදවූ මානවරූපී රොබෝවලට වඩා බුද්ධිමත්බවින් ඉහළයි.” යනුවෙන් මස්ක් සඳහන් කර ඇත.
Tesla සමාගම මෙම අවස්ථාවේදී ප්‍රසිද්ධියට පත් කළ වීඩියෝවක් තුළ Optimus රොබෝව සිය පූර්ණ ස්වයං ධාවන Tesla රථයක් පැද යන ආකාරය, භාණ්ඩ රැගත් පෙට්ටි එක් තැනකින් තවත් තැනකට රැගෙන යන ආකාරය, යන්ත්‍රයක් වෙත යකඩ බාර් ඇතුළු කිරීම වැනි ක්‍රියාකාරකම් ඇතුළත්ව තිබේ.
මෙම කටයුතු වඩාත් දක්ෂලෙස සිදු කිරීමට පහසුවන ලෙස Optimus රොබෝව සතුව මිනිසෙකු හා සමානවම ඇඟිලි හතරක් සහ මහපට ඇඟිල්ලක් ඇත. මෙම රොබෝවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 72ක් වන අතර, එහි 2.3kWh ක ධාරිතාවකින් යුත්බැටරියක් සවි කර තිබේ.
මේ අතර මස්ක් ප්‍රථමවරට හඳුන්වාදුන් මෙම මානවරූපී රොබෝව අනාගතයේදී වඩාත් සාර්ථක මානවරූපී රොබෝවක් බවට පත්වනු ඇතැයි විශ්වාස කළ හැකි බවද තාක්ෂණික විශේෂඥයන්ගේ අදහස වී තිබේ. එහිදී විශේෂයෙන්ම අනාගතයේදී නිවෙස් සඳහා අවශ්‍ය මිනිසුන් හා සමාන රොබෝ තාක්ෂණයක් දියුණු කිරීම සඳහා මස්ක් යොමුවනු ඇතැයි සඳහන් වෙයි.
කෙසේ වෙතත් මෙලෙස මානවරූපී රොබෝ තාක්ෂණයක් සංවර්ධනය වෙනුවෙන් යොමු වූ පළමු වැනි මෝටර් රථ නිෂ්පාදන සමාගම Tesla නොවෙයි. මීට පෙර ජපානයේ Honda සමාගම Asimoනමින් මානව රූපී රොබෝවක් හඳුන්වාදුන් අතර, දකුණු කොරියාවේ Hyundai සමාගමත් 2021 දී මානවරූපී සහ සතෙකුගේ පෙනුමගත් රොබෝ හඳුන්වාදුනි. එසේම Ford සමාගමත් පාද දෙකක් සහ අත් දෙකක් සහිත රොබෝවක් නිර්මාණය කර තිබේ.
|
lk_news
|
2022-10-11-adalk-37628759
|
adalk-37628759
|
2022-10-11
|
අභ්‍යාවකාශයේ සිට පෘතුවියේ සිසුන්ට දේශන පවත්වන චීනය
|
https://www.ada.lk/technology/අභ්‍යාවකාශයේ-සිට-පෘතුවියේ-සිසුන්ට-දේශන-පවත්වන-චීනය/5-397819
|
si
|
adalk
| 1,665,483,040
|
2022-10-11-adalk-37628759-0000
| 0
|
si
|
79c475b2855e6224a86f467bd440449b
| 2,605
|
අභ්‍යාවකාශයේ සිට පෘතුවියේ සිසුන්ට දේශන පවත්වන චීනය
බීජිං, ඔක්. 11 (ෂිංහුවා) - චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින චීනයෙ අභ්‍යාවකාශගාමීන් තිදෙනා විසින් ප්‍රථම වරට වෙන්ටියන් රසායනාගාර මොඩියුලයේ සිට විද්‍යා දේශනයක් සජීවීව විකාශය කරන බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය අඟහරුවාදා ප්‍රකාශ කළේය.
මම දේශය බීජින් වේලාවෙන් හෙට පස්වරු 3.45ට ආරම්භවීමට නියමිතය. චෙන් ඩොංග්, ලියූ යන්ග් හා කායි ෂුසේ යන අභ්‍යාවකාශගාමීන් විසින් මෙම දේශයනය මෙහෙවනු ඇත.
ඔවුන් තම විද්‍යාගාර මොඩියුලය හඳුන්වාදීම, විද්‍යා-තාක්ෂණික අත්හදා බැලීම්වල ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ කාර්ය සාධනය සහ කක්ෂයේ ශාක වර්ධන පර්යේෂණ පිළිබඳව දේශනයක් පැවැත්වීමට නියමිතය.
මෙම දේශනය අතරතුර පෘථිවියේ සිසුන් සමඟ අන්තර් ක්‍රියා කරනු ඇති අතර එය මිනිසුන් සහිත අභ්‍යවකාශ පියාසැරි පිළිබඳ දැනුම ප්‍රචලිත කිරීම සහ විද්‍යාව කෙරෙහි උනන්දුවක් ඇති කිරීමට තරුණයින් දිරිමත් කිරීම අරමුණු කර ගෙන ඇති බව නියෝජිතායතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
හෙට දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම දේශනය චීනය මේ ආකාරයෙන් පවත්වන තෙවැනි දේශනය වෙයි.
|
lk_news
|
2022-10-25-adalk-8884ee11
|
adalk-8884ee11
|
2022-10-25
|
වට්ස් ඇප් බිඳ වැටීමක්
|
https://www.ada.lk/technology/වට්ස්-ඇප්-බිඳ-වැටීමක්/5-398176
|
si
|
adalk
| 1,666,685,726
|
2022-10-25-adalk-8884ee11-0000
| 0
|
si
|
8ae300dcd4fef9dbfc33bbde8a208bf1
| 811
|
වට්ස් ඇප් බිඳ වැටීමක්
ලෝකයේ ඇතැම් කලාප වලින් වට්ස් ඇප් මාධ්‍ය ජාලයේ බිඳ වටීමක් වාර්තා වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ඇතැම් පරිශීලකයන් වෙත වට්ස් ඇප් පණිවිඩ යොමුකිරීමට හෝ ලබා ගැනීමට නොහැකි වී ඇති සඳහන් වෙයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව වටස්ඇප් හි මව් සමාගම වන මෙටා සමාගම තවමත් නිල ප්‍රකාශයක් කර නොමැත.
|
lk_news
|
2022-10-28-adalk-5770c059
|
adalk-5770c059
|
2022-10-28
|
ලංකාවේම ණය ගෙවා දැමිය හැකි මිලක් ගෙවා ඉලෝන් මස්ක් ට්විටර් මිලදි ගනියි
|
https://www.ada.lk/technology/ලංකාවේම-ණය-ගෙවා-දැමිය-හැකි-මිලක්-ගෙවා-ඉලෝන්-මස්ක්-ට්විටර්-මිලදි-ගනියි/5-398250
|
si
|
adalk
| 1,666,939,857
|
2022-10-28-adalk-5770c059-0000
| 0
|
si
|
c4822e8b49c5380b24a11b23fa992c04
| 1,406
|
ලංකාවේම ණය ගෙවා දැමිය හැකි මිලක් ගෙවා ඉලෝන් මස්ක් ට්විටර් මිලදි ගනියි
ලොව සුපතල සමාජ මාධ්‍ය වේදිකාවක වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලට ගැනීමේ ගිවිසුම අවසන් කිරමට ලෝකයේ අංක එකේ ධනවතා වන ඉලෝන් මස්ක් කටයුතු කර තිබේ.
මේ සඳහා ඔහු වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 44ක් වෙයි. එය ඩොලර් බිලියන 50 ඉක්මවා ඇති ලංකාවේ සමස්ත ණය ප්‍රමාණයට වඩා අඩු මුදලකි.
තමන් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදි ගන්නා බව ඉලෝන් මස්ක් මීට පෙර සඳහන් කළේය. ඔහු මෙම ගනුදෙනුව අවසන් කිරීමත් සමග ට්විටර් හි ප්‍රධානම නිලධාරීන් කිහිප දෙනෙක්ම සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
|
lk_news
|
2022-11-02-tamilmirrorlk-85860e73
|
tamilmirrorlk-85860e73
|
2022-11-02
|
ஒரு ரவுண்ட் அடிக்க, ஒன்றரை அடித்தவர் சிக்கினார்
|
https://www.tamilmirror.lk/செய்திகள்/ஒரு-ரவுண்ட்-அடிக்க-ஒன்றரை-அடித்தவர்-சிக்கினார்/175-306731
|
ta
|
tamilmirrorlk
| 1,667,385,469
|
2022-11-02-tamilmirrorlk-85860e73-0000
| 0
|
ta
|
52c8f5418c2c17bb6fc1b78f6ecac08f
| 5,174
|
ஒரு ரவுண்ட் அடிக்க, ஒன்றரை அடித்தவர் சிக்கினார்
கொழும்பு நகரத்தை ஒரு ரவுண்ட் அடித்து, சுற்றிக்காட்டுவதற்காக ஒன்றரை இலட்சம் ரூபாயை, நியூஸிலாந்து பிரஜையிடம் இருந்து ஏமாற்றி பெற்றுக்கொண்ட முச்சக்கரவண்டியின் சாரதியொருவர், இரண்டு வருடங்களின் பின்னர் கைது செய்யப்பட்டார்.
நாட்டுக்கு சுற்றுலா வந்திருந்த நியூஸிலாந்து பிரஜையிடம் கொழும்பை சுற்றிக்காட்டுவதற்கான ஒட்டோ கட்டணமாகவே அவர், ஒன்றரை இலட்சம் ரூபாயை ஏமாற்றி பெற்றுக்கொண்டுள்ளார்.
கைது செய்யப்பட்டுள்ள சுற்றுலா வழிகாட்டியை எதிர்வரும் 14ஆம் திகதி வரையிலும் விளக்கமறியலில் வைக்குமாறு கொழும்பு பிரதான நீதவான் நந்தன அமரசிங்க, நேற்று (01) உத்தரவிட்டுள்ளார்.
இந்த சம்பவம் தொடர்பில் பொலிஸ் சுற்றுலாப் பிரிவுக்கு நியூஸிலாந்து பிரஜையினால் 2020 பெப்ரவரி 11ஆம் திகதியன்று முறைப்பாடு செய்யப்பட்டுள்ளது.
இவ்வாறான மோசடி தொடர்பில் கோட்டை பொலிஸார், சுற்றுலா வழிகாட்டியை இனங்கண்டுகொண்டதன் பின்னர், கைது செய்யப்பட்டு நீதிமன்றத்தில் முன்னிறுத்தினர் என்று சுற்றுலா பொலிஸ் பிரிவின் அதிகாரியொருவர் தெரிவித்தார்.
தெல்கொடவை வசிப்பிடமாகக் கொண்டி கஹூபிட்டியகே திலின மதுசங்க என்பவரே கைது செய்யப்பட்டுள்ளார். இவர் வெளிநாட்டு சுற்றுலாப் பயணிகளுக்கான வழிகாட்டியாவார்.
முறைப்பாட்டாளரான நியூஸிலாந்து பிரஜை, கப்பலின் மூலமாக இந்நாட்டுக்கு வருகைதந்து, கொழும்பு நகரை சுற்றிப்பார்ப்பதற்காக, சந்தேகநபரான ஓட்டோ சாரதியிடம் விலையை கேட்டுள்ளார்.
அதனடிப்படையில் 20 டொலர்களை சந்தேகநபர் கேட்டுள்ளார் என்று பொலிஸ் முறைப்பாட்டில் தெரிவிக்கப்பட்டுள்ளது. ஒரு டொலர் 4,500 ரூபாவாகும் என குறிப்பிட்டுள்ள முச்சக்கரவண்டியின் சாரதி, பயணத்துக்கான கட்டணத்தை இலங்கை ரூபாவில் தருமாறும் கேட்டுள்ளார்.
அதன் பின்னர் தன்னிடமிருந்த ஏடிஎம் அட்டையை பயன்படுத்தி, அந்தக் கட்டணத்தை முறைப்பாட்டாளரான நியூஸிலாந்து பிரஜை வழங்கியுள்ளார் என்றும் நீதிமன்றத்தின் கவனத்துக்கு பொலிஸார் கொண்டுவந்தனர்.
கைது செய்யப்பட்ட சுற்றுலாத்துறை வழிகாட்டியிடம், கடுமையான விசாரணைகள் முன்னெடுக்கப்பட்டன என்று தெரிவித்துள்ள சுற்றுலாத்துறை பொலிஸார், அது தொடர்பில் நீதிமன்றத்தில் அறிக்கையிட்டுள்ளதாகவும் தெரிவித்தனர்.
|
lk_news
|
2022-12-08-adalk-da5a2b7d
|
adalk-da5a2b7d
|
2022-12-08
|
ලබන වසරේ දී 8 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය
|
https://www.ada.lk/technology/ලබන-වසරේ-දී-8-ශ්‍රේණියට-කෘත්‍රීම-බුද්ධිය/5-399479
|
si
|
adalk
| 1,670,495,523
|
2022-12-08-adalk-da5a2b7d-0000
| 0
|
si
|
3cd482aee9ef89501d27d7ebc6798a6d
| 3,063
|
ලබන වසරේ දී 8 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය
ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමීව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වා දීමේ සූදානමක් පැවතිය ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 8 ශ්‍රේණියේ සිට ම කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.
තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොර ව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාවක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති බවත් ඊට සූදානම් වෙමින් මෙම තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා පැවැසීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොර ව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවත් සුළු සුළු සංශෝධන සහිත ව තව මත් පවත්වාගෙන යන්නේ යල් පැන ගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ම බවත් ය.
එසේ ම මේ ක්‍රමය වෙනස් කරමින් අප නැගී සිටිය යුතු අතර අද බොහෝ තරුණ පිරිස් ඉල්ලා සිටින්නේ ඒ වෙනස බව ද ඒ විප්ලවීය සමාජ වෙනස අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය හරහා සිදු කිරීමට තමන් සූදානම් බව ද අමාත්‍යවරයා පවසා සිටියේ ය.
|
lk_news
|
2023-02-13-adalk-dd33572a
|
adalk-dd33572a
|
2023-02-13
|
ජලයේ හා ගුවනේ ගමන් කළ හැකි නව ඩ්‍රෝනයක් චීනයෙන්
|
https://www.ada.lk/technology/ජලයේ-හා-ගුවනේ-ගමන්-කළ-හැකි-නව-ඩ්‍රෝනයක්-චීනයෙන්/5-401463
|
si
|
adalk
| 1,676,277,240
|
2023-02-13-adalk-dd33572a-0000
| 0
|
si
|
c4555359a9df848e7e9a9055ac437e51
| 1,697
|
ජලයේ හා ගුවනේ ගමන් කළ හැකි නව ඩ්‍රෝනයක් චීනයෙන්
ජලයේ ගිල්විය හැකි මෙන්ම ගුවන්නේ පියාසර කළ හැකි ඩ්‍රෝනයක් පිළිබඳව මූලාකෘතියක් නිර්මාණය කිරීමට චීන පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.
මෙම මූලාකෘතිය පුළුල් පරාසයක කාර්යයන් සඳහා භාවිත කිරීමට ඔවුන් අපේක්ෂා කරයි. TJ-FlyingFish නම් මෙම ඩ්‍රෝනය නිපදවා ඇත්තේ ටොංජි විශ්වවිද්‍යාලය සහ හොංකොං චීන විශ්වවිද්‍යාලය යටතේ ඇති බුද්ධිමත් ස්වයංක්‍රීය පද්ධති සඳහා වූ ෂැංහයි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් විසිනි.
එහි බර කිලෝග්‍රෑම් 1.63කි. මෙම ඩ්‍රෝනයට මිනිත්තු හයක් වාතයේ සැරිසැරීමට හෝ විනාඩි 40ක් පමණ දිය යට පිහිනීමට හැකියාව ඇත. සම්පත් ගවේෂණය, සෙවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් සහ ඉංජිනේරු පරීක්ෂණ සඳහා මෙය යෙදීමේ හැකියාව පවතී.
|
lk_news
|
2023-04-04-adalk-70d6a4da
|
adalk-70d6a4da
|
2023-04-04
|
ට්විටර් සලකුණ මස්ක් වෙනස් කරයි
|
https://www.ada.lk/technology/ට්විටර්-සලකුණ-මස්ක්-වෙනස්-කරයි/5-402731
|
si
|
adalk
| 1,680,589,200
|
2023-04-04-adalk-70d6a4da-0000
| 0
|
si
|
8f53bdad79817e878998d2d4a11cf8c0
| 1,114
|
ට්විටර් සලකුණ මස්ක් වෙනස් කරයි
ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වෙන ට්විටර් මාධ්‍ය ජාලයේ සලකුණ ලෙස භාවිත කළ නිල් පැහැති කුරුල්ලා සලකුණ වෙනුවට සමාජ මාධ්‍ය තුළ භාවිත කරන සුනඛයෙකුගේ (Doge Meme) රූපයක් යෙදීමට එලෝන් මස්ක් කටයුතු කර තිබේ.
මෙම ට්විටර් සමාජ මාධ්‍ය ජාලය එලෝන් මස්ක් විසින් මිලදී ගත් අතර ඉන් අනතුරුව ඔහු එයට විවිධ වෙනස්කම් කරමින් පවතී. එහි එක් අදියරක් ලෙස මෙසේ නිල් පැහැති කුරුල්ලාගේ සලකුණ වෙනස් කිරීමට ඔහු කටයුතු කර තිබේ.
|
lk_news
|
2023-05-09-adalk-b1bb8abe
|
adalk-b1bb8abe
|
2023-05-09
|
නව තාක්ෂණික සොයා ගැනීම් වෙනුවෙන් පනතක්
|
https://www.ada.lk/technology/නව-තාක්ෂණික-සොයා-ගැනීම්-වෙනුවෙන්-පනතක්/5-403338
|
si
|
adalk
| 1,683,610,912
|
2023-05-09-adalk-b1bb8abe-0000
| 0
|
si
|
08a7418ecbaf3ebe0979da6e0fa7bc7d
| 3,391
|
නව තාක්ෂණික සොයා ගැනීම් වෙනුවෙන් පනතක්
ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (08) පෙරවරුවේ මරදාන ට්‍රේස් සංකීර්ණයේ පිහිටි වේගා ඉනෝවේෂන් සමාගමේ නිරීක්ෂණ සංචාරයකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී කනක හේරත් මහතා, විසින් වේගා ඉනෝවේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා සමඟ මෙරට තාක්ෂණික අංශයේ නව නිපැයුම් පිළිබඳව සහ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කෙරිණි.
නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කනක හේරත් මහතා කියා සිටියේ නව සොයා ගැනීම් සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දිව්නු කර ඊට පවතින අවස්ථාවන් රට තුළ පුළුල් කළ යුතු බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අභිලාෂය වන්නේ ඩිජිටල් ආර්ථිකය ක් සඳහා රට මෙහය වීම බවත්යි ඒ් සඳහා නවීන තාක්ෂණය සහිත නව නිපැයුම් වෙත ගමන් කළ යුතු බවත් පෙන්වා දුන් හේරත් මහතා, එහිදී තාක්ෂණික අංශයේ පර්යේෂණ ප්‍රධාන වන බවද කීය.
එමෙන්ම, කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගෙන් සමන්විත ජයාධිපති කර්‍ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ත්,, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා තාක්ෂණ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙන බව ද කනක හේරත් මහතා කීය.
|
lk_news
|
2023-05-16-adalk-920e8f89
|
adalk-920e8f89
|
2023-05-16
|
2024 දී කෘත්‍රීම බුද්ධිය දිවයිනේ සියලු ම පාසල් වල ඉගැන්වීමට පියවර
|
https://www.ada.lk/technology/2024-දී-කෘත්‍රීම-බුද්ධිය-දිවයිනේ-සියලු-ම-පාසල්-වල-ඉගැන්වීමට-පියවර/5-403471
|
si
|
adalk
| 1,684,236,910
|
2023-05-16-adalk-920e8f89-0000
| 0
|
si
|
79dc51b4fe47eeafffdfad6d7c8e5c99
| 4,575
|
2024 දී කෘත්‍රීම බුද්ධිය දිවයිනේ සියලු ම පාසල් වල ඉගැන්වීමට පියවර
ජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අග දී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය අනුස්මරණය කිරීම වෙනුවෙන් පවත්වනු ලැබූ රචනා තරගයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය.
එමෙන් ම මෙම නව විෂයන් ඉගැන්වීමට අමතර ව ශිෂ්‍ය ප්‍රජාව අතර ඉංග්‍රීසි භාෂා භාවිතය වඩාත් පුළුල් ව ප්‍රචලිත කිරීම සඳහා විවිධ පියවර ගෙන ඇති බවත් ඉදිරියේ දී ඒ තත්වය තව දුරටත් ප්‍රවර්ධනය කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.
ඒ අනුව මේ වර්ෂයේ දී 2023 පාසල් අධ්‍යයන වර්ෂාරම්භයේ දී ම දීපව්‍යාප්ත ව පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට සෑම පාසලක ම ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ලෙස කථන භාවිතයෙන් ආරම්භ කළ බවත් සාම්ප්‍රදායික ලෙස 3 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව විෂයක් ලෙස ඉගෙනීමේ දී සබකෝලය වැනි හේතු නිසා ඒ සඳහා පවතින උද්‍යෝගය සිසුන් අතර හීන වීමේ ප්‍රවණතාවක් පිළිබිඹු වන බවත් ඒ මහතා පැවසී ය.
මෙරට සිසුන් අතර බොහෝ විට ඉංග්‍රීසි භාෂා භාවිතය සම්බන්ධයෙන් මනා ලිඛිත හා වටහා ගැනීමේ හැකියාවක් දක්නට ලැබුණ ද ඉංග්‍රීසි බසින් යමක් අන්‍යයන්ට පහදා දීමේ දී දක්වන දුර්වල භාවය මෙම වැඩ සටහන් ක්‍රියාවට නැංවීම මගින් වලක්වා ගැනීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
තවද සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්නා සංකල්පමය දැනුම පන්ති කාමරයේ දී මෙන්ම ඉන් බාහිරවද ප්‍රායෝගික භාවිතයට මුසු කරගන්නා ආකාරය ස්ටීම් අධ්‍යාපනය ඔස්සේ පාසල් දරුවන්ට ලබා දීමට අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීම ඔස්සේ බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
|
lk_news
|
2023-05-16-adalk-920e8f89
|
adalk-920e8f89
|
2023-05-16
|
2024 දී කෘත්‍රීම බුද්ධිය දිවයිනේ සියලු ම පාසල් වල ඉගැන්වීමට පියවර
|
https://www.ada.lk/technology/2024-දී-කෘත්‍රීම-බුද්ධිය-දිවයිනේ-සියලු-ම-පාසල්-වල-ඉගැන්වීමට-පියවර/5-403471
|
si
|
adalk
| 1,684,236,910
|
2023-05-16-adalk-920e8f89-0001
| 1
|
si
|
d06bb6cfb9f9732df3f02a1016627d1d
| 853
|
තවද සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්නා සංකල්පමය දැනුම පන්ති කාමරයේ දී මෙන්ම ඉන් බාහිරවද ප්‍රායෝගික භාවිතයට මුසු කරගන්නා ආකාරය ස්ටීම් අධ්‍යාපනය ඔස්සේ පාසල් දරුවන්ට ලබා දීමට අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීම ඔස්සේ බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
|
lk_news
|
2023-05-23-bbccomsinhala-6392d5e6
|
bbccomsinhala-6392d5e6
|
2023-05-23
|
නිරිතදිග මෝසමට සක්‍රීයවන ශ්‍රී ලංකාවේ මනරම් දිය ඇලි ගැන ඔබ දන්නවාද?
|
https://www.bbc.com/sinhala/articles/c99v0qe5r7ko
|
si
|
bbccomsinhala
| 1,684,796,410
|
2023-05-23-bbccomsinhala-6392d5e6-0000
| 0
|
si
|
20db428f85b4df2d3532d0311c8947ee
| 5,206
|
නිරිතදිග මෝසමට සක්‍රීයවන ශ්‍රී ලංකාවේ මනරම් දිය ඇලි ගැන ඔබ දන්නවාද?
නිරිතදිග මෝසමට සක්‍රීයවන ශ්‍රී ලංකාවේ මනරම් දිය ඇලි ගැන ඔබ දන්නවාද?
නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිය ඇලි ඉතා මනරම්ව දැකිය හැකි හොඳම කාල සීමාව බව පරිසරවේදීහූ පෙන්වා දෙති.
“ලංකාවේ තියෙන දිය ඇලි සියල්ලම වගේ හොඳටම බලා ගන්න පුලුවන් කාල වකවානුව තමා මේක. සියල්ලම, මොකද හේතුව නිරිතදිග මෝසම සක්‍රීයවන කාලයට තමා සියලුම කඳුකර, උපකඳුකර සහ අතරමැදි කලාප සියල්ලටම ජලය හම්බවෙන්නේ. මේ කාලවකවානුව තුළදී තමයි ලංකාවේ දියඇලි සියල්ල සක්‍රීය වෙන්නේ. හොඳටම සක්‍රීය වෙලා බලා ගන්න පුළුවන් මේ කාලවකවනුව තුලදී.” පරිසරවේදී සජීව චාමිකර බීබීසී සිංහල වෙත පැවසීය.
ශ්‍රී ලංකාවේ පරිසරය ගැන කියවෙන ජනප්‍රිය ගීත රැසකටම මේ දියඇලි තේමා වී ඇත.මෙම කාලය තුළ
බෝඹුරු ඇල්ලබෝපත්ඇල්ලබේකර්ස් ඇල්ලඩෙවොන් ඇල්ලශාන්ත ක්ලෙයාර් ඇල්ලඩන්සිනන් ඇල්ලගාරට්මෝර් ඇල්ලඇබරඩීන් ඇල්ලරම්බොඩ දිය ඇල්ලගැරඬි ඇල්ලලක්ෂපාන ඇල්ලදූවිලිඇල්ලබ්‍රාහ්මණ ඇල්ල
ඇතුළු දැකුම්කළු දිය ඇලි මහ ජල කඳක් රැගෙන කඩා හැලෙන්නේ ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්ද්‍රර්යට අමුතුම විභූතියක් එක්කරමිනි.
ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කන්නෙලිය රක්ෂිතය තුළ පිහිටි අනගිමල ඇල්ල, නාරංගස් ඇල්ල මෙන්ම නෙළුව දූවිලිඇල්ල, දෙදියගල පිහිටි හත්මාල ඇල්ල සහ ඌරා වැටුණු ඇල්ලද මෙම කාලසීමාව තුළ මනරම්ව දැකිය හැකි බව ද පරිසරවේදීහූ පෙන්වා දෙති.
මැයි මස අගභාගයේදී සක්‍රීයවන නිරිත දිග මෝසම සැප්තැම්බර් මාසය දක්වා පවතී.
නිරිත දිග මෝසම් කාලයේ සුළං සහිත කාලගුණය පළමු අන්තර්මෝසම් කාලය පුරා පැතිර පැවති උණුසුම ඉවත් කරයි.
මෙරට ට ලැබෙන වාර්ෂික වර්ෂාපතනයෙන් 30%ක් පමණ ආවරණය කරන මෙම වැසි ප්‍රධාන වශයෙන්ම පතනය වන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටය.
නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමග මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද වැසි පතනය වන අතර එම වර්ෂාවෙන් බොහෝ දියඇලි ක්ෂණිකව පෝෂණය ලබමින් දැකුම්කළුව ගලා බසියි.
දිවා රාත්‍රී දෙකෙහිම නිරිතදිග මෝසම් වැසි බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ ප්‍රධාන වශයෙන් නිරිතදිග ප්‍රදේශයට කඩින් කඩ වැසි බලාපොරොත්තු විය හැකි කාලසීමාවක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
|
lk_news
|
2023-05-23-bbccomsinhala-6392d5e6
|
bbccomsinhala-6392d5e6
|
2023-05-23
|
නිරිතදිග මෝසමට සක්‍රීයවන ශ්‍රී ලංකාවේ මනරම් දිය ඇලි ගැන ඔබ දන්නවාද?
|
https://www.bbc.com/sinhala/articles/c99v0qe5r7ko
|
si
|
bbccomsinhala
| 1,684,796,410
|
2023-05-23-bbccomsinhala-6392d5e6-0001
| 1
|
si
|
8f8acdedc9ca20e05d5c54894cd5791d
| 5,021
|
නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමග මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද වැසි පතනය වන අතර එම වර්ෂාවෙන් බොහෝ දියඇලි ක්ෂණිකව පෝෂණය ලබමින් දැකුම්කළුව ගලා බසියි.
දිවා රාත්‍රී දෙකෙහිම නිරිතදිග මෝසම් වැසි බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ ප්‍රධාන වශයෙන් නිරිතදිග ප්‍රදේශයට කඩින් කඩ වැසි බලාපොරොත්තු විය හැකි කාලසීමාවක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
බටහිර බෑවුම්වල මධ්‍ය උස්බිම් වලට වැඩිම වර්ෂාපතනය ලැබේ. (ගිනිගත්හේන මිලිමීටර් 3267, වටවල මිලිමීටර් 3252, නෝර්ටන් මිලිමීටර් 3121) මෙම ප්‍රදේශවල සිට වඩා ඉහළ උස්බිම් දක්වා වේගයෙන් වර්ෂාපතනය පහත වැටෙන අතර නුවරඑළියේ දී එය මිලිමීටර් 853 දක්වා පහළ බසියි.
නිරිතදිග වෙරළබඩ තීරය දෙසට මෙම විචලනය වඩා අඩු වේගයකින් යුක්ත වන අතර මෙම මාස 5ක කාලය ඇතුළත නිරිතදිග වෙරළබඩ තීරයට මිලිමීටර් 1000 සිට මිලිමීටර් 1600 ක වර්ෂාපතනයක් ලැබේ.
අඩුම වර්ෂාපතන අගයක් උතුරු සහ ගිණිකොණ දිග ප්‍රදේශවලින් වාර්තා වේ.
මෙම කාලසීමාව තුළ මාඔය, අත්තනගළු ඔය, කැළණිගඟ, කළු ගඟ, ගිංගඟ, නිල්වලා ගඟ යන ගංඟා පද්ධතිවලට වැඩිම වර්ෂාපතනයක් ලැබෙයි.
සජීව චාමිකර පැවසුවේ, “ලංකාවේ වැසි වනානන්තරවලට හොඳම වර්ෂාපතනයක් ලැබෙන්නේ නිරිත දිග මෝසමත් එක්ක තමයි. ශ්‍රී පාද අඩිවිය, සිංහරාජඅඩවිය, කන්නෙලිය වනාන්තර පද්ධතිය ඇතුළු මේ සමස්ත තෙත් කලාපයටම වර්ෂාපතනය ලැබෙන්නේ මේ කාලවකවානුව තුළයි. ඒ වර්ෂාපතනය ලැබුණට පස්සේ මේ වනාන්තර පද්ධතිවලින් ගබඩා කර තියාගෙන අර කියන ගංඟාවලට ක්‍රමාණුකූලව මුදා හරින්නේ නිරිත දිග මෝසමත් එක්ක.”
ඔහු පෙන්වා දුන්නේ “මහවැලි ගඟ ගලාගෙන යන්නේ වියලි කලාපයට. නමුත් මහවැලි ගඟේ ආරම්භය තියෙන්නේ හෝටන් තැන්නෙන්. කිරිගල්පොත්ත කන්දෙන් ආරම්භ වෙලා. ශ්‍රීපාද අඩවියෙන් තව පෝෂණය වෙනවා මහවැලි ගඟ. නකල්ස් කඳුකරයෙනුත් පෝෂණය වෙනවා. ඒවායෙන් පෝෂණය වෙලා තමා මහවැලි ගඟ අවුරුද්ද පුරාම වියලි කලාපයට ජලය සපයන්නේ. ඒ නිසා නිරිත දිග මෝසමෙන් තෙත් කලාපයට විතරක් නෙමේ ජලය සපයන්නේ.”
ඔහු පෙන්වා දුන්නේ “බලන්න යෑමට යොමු කිරීම හරහා වෙන්නේ මේවා වේගයෙන් විනාශයට ලක්වීම.මේවා එක්ස්පොස් කරන්න කරන්න වැඩිපුරම වෙලා තියෙන්නෙ විනාශ වෙන එක. ආරක්ෂා වෙන එක නෙමේ. වැඩිපුරම අපි අවධානයට ලක්කරන්න ඕනේ මේටික ආරක්ෂා කර ගන්න ක්‍රමවේදයකට යන එක.”
|
lk_news
|
2023-05-23-bbccomsinhala-6392d5e6
|
bbccomsinhala-6392d5e6
|
2023-05-23
|
නිරිතදිග මෝසමට සක්‍රීයවන ශ්‍රී ලංකාවේ මනරම් දිය ඇලි ගැන ඔබ දන්නවාද?
|
https://www.bbc.com/sinhala/articles/c99v0qe5r7ko
|
si
|
bbccomsinhala
| 1,684,796,410
|
2023-05-23-bbccomsinhala-6392d5e6-0002
| 2
|
si
|
85c35543693c45f33ad2f00d2ef49015
| 5,287
|
ඔහු පෙන්වා දුන්නේ “බලන්න යෑමට යොමු කිරීම හරහා වෙන්නේ මේවා වේගයෙන් විනාශයට ලක්වීම.මේවා එක්ස්පොස් කරන්න කරන්න වැඩිපුරම වෙලා තියෙන්නෙ විනාශ වෙන එක. ආරක්ෂා වෙන එක නෙමේ. වැඩිපුරම අපි අවධානයට ලක්කරන්න ඕනේ මේටික ආරක්ෂා කර ගන්න ක්‍රමවේදයකට යන එක.”
“දියඇල්ලක් කියන්නේ නිකම්ම නිකං ජලය කඩා හැලෙන තැනක් විතරක් නෙමේ. එවයින් හැදෙනවා ස්ප්‍රේ සෝන් කියලා එකක්. ස්ප්‍රේ සෝන් එකේ තමා මයික්‍රෝ හැබිටැට් ගොඩක් හැදෙන්නේ, ක්ෂුද්‍රවාසස්ථාන ගොඩක් හැදෙන්නේ. එවා තමා බොහෝ දුර්ලබ ජීවී විශේෂවලට වාසස්ථාන දෙන්නේ. අන්න ඒ පද්ධති ටික තමා අපේ ඇතැම් අය විනාශ කරන්නේ.” සජීව චාමිකර පෙන්වා දුන්නේය.
නිරිතදිග මෝසමේ ආරම්භක දින කිහිපයේ බොහෝවිට මධ්‍යම කඳුකරයට ධාරාණිපාත වැසි ඇඳ හැලෙන බැවින් ගංවතුර, නායෑයම්, කන්ඩි කඩා වැටීම් වැනි ආපදා සිදුවිය හැකි බැවින් මෙම කාලසීමාව තුළ දිය ඇලි නැරඹීම දැකුම්කළු වුවුත් එය වඩාත් ප්‍රවේශමෙන් කළයුතු කාර්යයක් බව නිතැතින්ම සිහිතබා ගත යුතුය.
ඒ , සාමාන්‍යයෙන් සෞම්‍ය ලෙස පහළට ජලය කඩා හැලෙන මෙවැනි දියඇල්ලක් ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනයක් සමග මහා ජලකඳක් සමග ප්‍රචණ්ඩ ස්වරූපයෙන් පහළට කඩා හැලීමට වැඩිවේලාවක් ගත නොවීම හේතුවෙනි.
එබැවින් මෙම කාලසීමාව තුළ අදාළ දිය ඇලි නැරඹීමට යන්නේ නම්, ඉදිරි පැය 6 , 12 හෝ 24 ක කාලගුණ අනාවැකිය පිළිබඳ සැලකැලිමත් විය යුතු අතර ඇතැම් විට එම ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑම් හා කන්ඩි කඩා වැටීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
“සමහර දියඇලි වල තත්ත්වය තමා ඉහළට වැස්ස හැටියම සමහර විට බලාගෙන ඉන්න කොටම විනාඩි ගාණක් ඇතුලත ජල මට්ටම ඉහළ යනවා. ලොකු ජලකඳක් එනවා. සමහර වෙලාවට ඒක පාමුල ඉන්න කෙනෙක් එකපාරටම මේවා ගැන අවබෝධයක් නැති හින්දා ජීවිත නැති කරගන්න අවස්ථා බොහෝ වෙලාවට තියෙනවා.”
“විනාඩි ගාණක් ඇතුලත දියඇල්ලේ වතුර ප්‍රමාණයවැඩි වෙනවා. සමහර වෙලාවට ලොකු කොටන් ගහගෙන එනවා .ඒ දේවල් වගේ අවදානම් ගොඩක් තියෙනවා. ඒවගේ දෙවල් ගැන ගොඩක් අවධානයකින් ඉන්න ඕනේ මේවගේ සංචාරය කරද්දි.”හෙතෙම පෙන්වා දුන්නේය.
රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩිම දියඇලි පිහිටා ඇති බව සජීව චාමිකර පැවසීය.
“රත්නපුර දිස්ත්‍රික්යේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමා දිය ඇලි වැඩිපුර තියෙන්නේ. අනෙක් ඒවා පොඩි පොඩි ඒවා.”සජීව චාමිකර පෙන්වා දුන්නේය.
|
lk_news
|
2023-05-23-bbccomsinhala-6392d5e6
|
bbccomsinhala-6392d5e6
|
2023-05-23
|
නිරිතදිග මෝසමට සක්‍රීයවන ශ්‍රී ලංකාවේ මනරම් දිය ඇලි ගැන ඔබ දන්නවාද?
|
https://www.bbc.com/sinhala/articles/c99v0qe5r7ko
|
si
|
bbccomsinhala
| 1,684,796,410
|
2023-05-23-bbccomsinhala-6392d5e6-0003
| 3
|
si
|
ada60b0189c26d283021a33f10158df8
| 5,202
|
රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩිම දියඇලි පිහිටා ඇති බව සජීව චාමිකර පැවසීය.
“රත්නපුර දිස්ත්‍රික්යේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමා දිය ඇලි වැඩිපුර තියෙන්නේ. අනෙක් ඒවා පොඩි පොඩි ඒවා.”සජීව චාමිකර පෙන්වා දුන්නේය.
බදුල්ල, මහනුවර,මාතලේ, කෑගල්ල , ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව ද මනරම් දියඇලි විශාල සංඛාවක් පිහිටා ඇත.
බොහෝ විට ඊසාන දිග මොසම් කාලය හා දෙවන අන්තර් මොසම් කාලසීමාව තුළ රාවණා ඇල්ලද ප්‍රචණ්ඩ ස්වරූපයකින් දැක ගත හැකිය.
බෝඹුරු ඇල්ල ඌව-පරණගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති දිය ඇල්ලකි. නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් පිහිටයි. බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැළකෙයි.
සීතා එළිය- කඳපොල රක්ෂිතයේ පිහිටාති ඇති උසින් මීටර් 50ක් පමණ වන දිය ඇල්ල පළලින් මීටර් 20ක් පමණ වේ.
ශ්‍රි ලංකාවේ දියඇලි අතරින් වඩාත් ප්‍රසිද්ධ ඇල්ලක් වන මෙය පිහිටා ඇත්තේ හොර්ටන්තැන්න තුළය.
මීටර් 20ක් පමණ උස ඇල්ලක් වන මෙය වැසි වැඩි දිනවල වඩාත් චමත්කාර ජනක දර්ශනයක් මවයි.
මෙම ඇල්ල නැරඹීමට යාමේදී කිසිදු පොලිතින් දවටනයක් රැගෙන යාමට ඉඩලබා නොදෙයි.
කොත්මලේ ඔයෙන් පෝෂණය වන ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇලි වලින් එකකි. නුවර එළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව ඩෙවෝන් දිය ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ලට ඩෙවෝන් යන නාමය ඉංග්‍රීසි ජාතික පුරෝගාමි තේ වැවිලිකරුවෙකු වු ඩෙවෝන්ගේ නාමය නිසා ලැබී ඇත. දිය ඇල්ලේ උස මිටර 97කි. ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් උස අනුව ඩෙවෝන් දිය ඇල්ල 19 වැනි ස්ථානයේ ඇති අතර මුහුදු මට්ටමේ සිට මිටර 1140ක් උසකින් දිය ඇල්ල පිහිටා ඇත.
ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල උසින් 20 වැනි ස්ථානය ගනී. එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්තය. මෙම ඇල්ල අලංකාර ප්‍රකට දිය ඇල්ලකි.
උසින් මීටර් 126 ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි දියඇල්ල වෙයි. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් නගරයට සමීපව පිහිටා ඇත.
කෙහෙල්ගමු ඔයට සම්බන්ධවන ස්ථානයට ආසන්න මස්කෙළිය ඔයෙන් ලක්ෂපාන දියඇල්ල නිර්මාණය වී තිබේ.
අලිහැන්ඩ්‍රා රොඩ්‍රිගස් : රූ රැජිණ තරග ඉතිහාසය අලුතින් ලියූ 60 හැවිරිදි බුවනෝස් අයර්ස් රූප රාජිණිය
T20 ලෝක කුසලානය 2024 : ‘මේක විස්සයි 20 තරග ක්‍රීඩා කරන්න හොඳ තණ තීරුවක් නෙමෙයි’
|
lk_news
|
2023-05-23-bbccomsinhala-6392d5e6
|
bbccomsinhala-6392d5e6
|
2023-05-23
|
නිරිතදිග මෝසමට සක්‍රීයවන ශ්‍රී ලංකාවේ මනරම් දිය ඇලි ගැන ඔබ දන්නවාද?
|
https://www.bbc.com/sinhala/articles/c99v0qe5r7ko
|
si
|
bbccomsinhala
| 1,684,796,410
|
2023-05-23-bbccomsinhala-6392d5e6-0004
| 4
|
si
|
cd9d4c783424041023e85b6f04fbf6a6
| 1,083
|
කෙහෙල්ගමු ඔයට සම්බන්ධවන ස්ථානයට ආසන්න මස්කෙළිය ඔයෙන් ලක්ෂපාන දියඇල්ල නිර්මාණය වී තිබේ.
අලිහැන්ඩ්‍රා රොඩ්‍රිගස් : රූ රැජිණ තරග ඉතිහාසය අලුතින් ලියූ 60 හැවිරිදි බුවනෝස් අයර්ස් රූප රාජිණිය
T20 ලෝක කුසලානය 2024 : ‘මේක විස්සයි 20 තරග ක්‍රීඩා කරන්න හොඳ තණ තීරුවක් නෙමෙයි’
T20 ලෝක කුසලාන තරගාවලිය: ශ්‍රී ලංකාවේ ඉදිරිය තීරණය කළ බංගලාදේශය
මෛත්‍රීපාල සිරිසේන: වැඩිම වාර ගණනක් ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ එකම ජනපති
|
lk_news
|
2023-07-02-adalk-2c4fd813
|
adalk-2c4fd813
|
2023-07-02
|
ලාෆ්ස් ගෑස් හිඟයක් නෑ
|
https://www.ada.lk/business/ලාෆ්ස්-ගෑස්-හිඟයක්-නෑ/7-404470
|
si
|
adalk
| 1,688,306,803
|
2023-07-02-adalk-2c4fd813-0000
| 0
|
si
|
efbd085aa489b3a846f724987b4fb3ff
| 1,371
|
ලාෆ්ස් ගෑස් හිඟයක් නෑ
ලාෆ්ස් ගෑස් හිඟයක් ගැන කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැති අතර, දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහැරීම් කටයුතු සිදුකරන බවත්, පසුගිය සති කිහිපය පුරාම ප්‍රමාණවත් ගෑස් තොග මෙරටට ආනයනය කර ඇති බවත් ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.
එසේම, හෝටල් සහ කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය එල්.පී. ගෑස් තොගද සමාගම සතුව ප්‍රමාණවත්ව ඇති බවත්, වාණිජ සහ නිෂ්පාදන ව්‍යාපාර සඳහා ගෑස් නිකුත් කිරීමද කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකෙරෙන බවත් එම සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටියි.
|
lk_news
|
2023-07-02-adalk-5e4d8960
|
adalk-5e4d8960
|
2023-07-02
|
ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ගැන අධිපතිගේ සහතිකය පිළිගන්නවා
|
https://www.ada.lk/business/ණය-ප‍්‍රතිව්‍යුහගත-කිරීම-ගැන-අධිපතිගේ-සහතිකය-පිළිගන්නවා/7-404471
|
si
|
adalk
| 1,688,307,027
|
2023-07-02-adalk-5e4d8960-0000
| 0
|
si
|
5be6a881c1bd058c1fba007976b2282c
| 4,354
|
ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ගැන අධිපතිගේ සහතිකය පිළිගන්නවා
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වාගෙන යනු ඇති බවට කරන ලද සහතිකය හා ඒ සම්බන්ධ අදාළ ක‍්‍රියාවලිය පිළිබඳව සපයන ලද පැහැදිළි කිරීම ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) සාදරයෙන් පිළිගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ අධිපතිවරයාගේ එම ප‍්‍රසිද්ධ නිවේදනය මගින් වැදගත් ගැටලු ආවරණය කර ඇති බවයි. එමෙන්ම, ඉදිරි දේශීය ණය ප‍්‍රශස්තකරණය (DDO) හෝ දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම (DDR) මගින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට බලපෑමක් සිදු නොවන බවටත්, එමගින් බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ට කිසිඳු ආකාරයකින් අහිතකර බලපෑමක් සිදු නොවන බවටත් නිශ්චිත සහතිකයක් ඇතුලත් කර ඇති බවද එම සංගමය පවසයි.
එසේම, බැංකු අංශය සඳහා ලබාදී ඇති දින පහක නිවාඩුව, රජය තුළ DDO / DDR උපාය මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප‍්‍රමාණවත් දින වකවානුවක් ලබාදීමට සහ මහජනතාවට සහ වෙළෙඳපොළ සහභාගීවන්නන්ට ආවර්ජනය කිරීමට අවස්ථාවක් ලබාදීම සඳහා වූවක් බවද මහ බැංකු අධිපතිවරයා පැහැදිළි කර ඇති බව SLBA සංගමය පවසයි.
මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට අමතරව, DDO / DDR උපාය මාර්ග ප‍්‍රකාශයට පත්කළ යුතු බවටත්, විවාදයක් මගින් පාර්ලමේන්තුවේත්, කැබිනට් මණ්ඩලයේ හා රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමේ නිසි ක‍්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතු බවටත්, මහ බැංකු අධිපතිවරයා සිදුකළ ප‍්‍රකාශයද සංගමය පිළිගෙන ඇත.
මෙම දින පහක නිවාඩුව තුළ සාමාන්‍ය පරිදි ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර, මාර්ගගත සහ වෙනත් ඩිජිටල් ක‍්‍රම හරහා තම බැංකු සේවා ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට හැකි බවද මහ බැංකු අධිපතවරයා පැහැදිලි කළ බව සඳහන් කරමින් SLBA පෙන්වා දුන්නේ, බැංකුවල ප‍්‍රාග්ධන සහ ද්‍රවශීලතා අනුපාතයන්, නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවතින බැවින් බැංකු විසින් මෙම දර්ශක කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බවයි.
|
lk_news
|
2023-07-02-adalk-5e4d8960
|
adalk-5e4d8960
|
2023-07-02
|
ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ගැන අධිපතිගේ සහතිකය පිළිගන්නවා
|
https://www.ada.lk/business/ණය-ප‍්‍රතිව්‍යුහගත-කිරීම-ගැන-අධිපතිගේ-සහතිකය-පිළිගන්නවා/7-404471
|
si
|
adalk
| 1,688,307,027
|
2023-07-02-adalk-5e4d8960-0001
| 1
|
si
|
8ed3ec402828b5ac47f0a0d7d86b93f2
| 972
|
මෙම දින පහක නිවාඩුව තුළ සාමාන්‍ය පරිදි ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර, මාර්ගගත සහ වෙනත් ඩිජිටල් ක‍්‍රම හරහා තම බැංකු සේවා ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට හැකි බවද මහ බැංකු අධිපතවරයා පැහැදිලි කළ බව සඳහන් කරමින් SLBA පෙන්වා දුන්නේ, බැංකුවල ප‍්‍රාග්ධන සහ ද්‍රවශීලතා අනුපාතයන්, නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවතින බැවින් බැංකු විසින් මෙම දර්ශක කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බවයි.
|
End of preview. Expand
in Data Studio
README.md exists but content is empty.
- Downloads last month
- 4,506